
ලිට්‍රෝ සමාගමේ හිටපු සභාපති විජිත හේරත් මහතා පසුගියදා ඉන් ඉවත්වී යාමෙන් ඇතිවූ පුරප්පාඩුවට එහි නව සභාපතිවරයා ලෙස හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු වූ මුදිත පීරිස් මහතා පත්කර තිබේ.
ලිට්‍රෝ ගෑස් සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ ඔහු තනතුරින් ඉවත්වුනේ 2019 වසරේය. නැවත තනතුරට පත්වන ඔහු අනිද්දා සිට එම සමාගමේ සභාපතිවරයා ලෙස වැඩ ආරම්භ කිරීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval