
නීති විරෝධී ලෙස බහුදින ට්‍රෝලර් යාත්‍රාවකින් ඕස්ට්‍රේලියාව බලා යෑමට ගිය 38 දෙනෙක් පෙරේදා (11) දින සවස ගිනිකොන නාවික හමුදා විධාන මූලස්ථානයේ නිලධාරින් විසින් නාවික හමුදාව භාරයට ගනු ලැබූ බව නාවික හමුදා මාධ්‍ය අංශයේ කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවැසීය. මීගමු වෙරළ තීරයෙන් ඕස්ට්‍රේලියාව බලා යෑමට පැමිණි මෙම යාත්‍රාවේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් යාත්‍රාව ගැඹුරු මුහුදේ දින දෙකක් පාවෙමින් තිබී ඇති බව කියති. අම්පාර ඔකද ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමක් අතරතුර දී සැක කටයුතු යාත්‍රාව පරික්ෂා කිරීමේ දී මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ 06 ක් හා යාත්‍රාවෙන් රැගෙන ගිය සංක්‍රමණිකයින් 38 ක් මෙසේ නාවික හමුදාව භාරයට ගෙන ඇත.
පිරිමි 26ක් කාන්තාවෝ 5 ක් ළමයින් 7ක් මෙම පිරිසට අයත් වූහ. වයස අවුරුදු 02ත් 60ත් අතර සැකකාර පිරිස යාපනය, වනියාව, වාලච්චේන, හලාවත, කල්පිටිය, උඩප්පුව, ජාඇළ සහ මීගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත. කෙසේ වුවද යාත්‍රාව ඈත දියඹට ඇදී නොගොස් ඔකඳ මුහුදු තීරයේ ගොඩබිම දෙසට පාවෙමින් තිබිය දී නාවික හමුදාව පරික්ෂා කිරීම නිසා එහි සිටි පිරිස නිරුපද්‍රිතව ගොඩබිමට ගැනීමට නාවික හමුදා භට පිරිස් සමත්ව ඇත.
මෙම යාත්‍රාව දීර්ඝ මුහුදු ගමනකට නුසුදුසු තත්වයේ එකක් බව ද අනාවරණය කරන්ගෙන තිබේ. මෙම යාත්‍රාව විශාල ප්‍රමාණයේ යාත්‍රාවක් බැවින් එය පානම නොගැඹුරු මුහුදු තීරයේ සිට වාලච්චේන හෝ ත්‍රිකුණාමල මුහුදේ රැගෙන විත් නැගුරම් දැමීමට නියමිතය. සංක්‍රමණික පිරිස නාවික හමුදා විධානය විසින් පානම පොලීසියට භාර දී ඇති අතර, එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක තිලකරත්න මහතා ඇතුළු නිධාරීන් මෙම පිරිස පොතුවිල අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත විය.
Comments
Post a Comment
Your comment will be visible after approval