
කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලුම ප්‍රාදේශීය කාර්යාල සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා පමණක් විවෘත වන බවත් 2022 පුනි 03 වන දා සිට සතියේ සෑම සිකුරාදා ම වසා තැබෙන බවත් කම්කරු කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.
පවතින සම්පත් හිඟය මත රාජ්‍ය වියදම අවම කිරීමට රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩලය කැඳවීම සීමා කිරීම සඳහා නිකුත් කළ රාජ්‍ය පරිපාලන චක්‍රලේකයට අනුව මෙම පියවර ගෙන තිබේ. එබැවින් සේවාලාභීන් සේවාවන් ලබාගැනීම සඳහා සිකුරාදා ප්‍රධාන කාර්යාලය හෝ ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණීමෙන් වැලකී සිටින ලෙස අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

Comments
Post a Comment
Your comment will be visible after approval