al-grade5-exam-postponned

මේ වසරේ පැවැත්වීමට නියමිත උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග ඔක්තෝම්බර් මස හෝ නොවැම්බර් මස පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම් කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (02) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.


විභාග කොමසාරිස් ජෙනරාල් එල්.එම්.ඩී. ධර්මසේන ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමේ දින සම්බන්ධයෙන් ද සාකච්ඡා කරමින් සිටින බව පැවසීය.

2023 වසර ආරම්භවීමට පෙර දෙසැම්බර් 22, 23 පමණ වන තුරු 2022 වසරේ පාසල් පැවැත්වීමට ඉඩ ඇති බවත් දරුවන්ට පාසල් දින ගණන උපරිමයෙන් ලබාදී මෙම වසරේ විෂය නිර්දේශ ආවරණය කිරීමට බලාපොරොත්තු වන බවත් ඇමති පවසා සිටියේය.
2023 වසරට අවශ්‍ය පෙළ පොත් මුද්‍රණය සඳහා මුදල් හිගයක් මතුව ඇතැයිද ඊට සහ නිල ඇඳුම් ලබාදීමට අවශ්‍ය මුදල් ප්‍රදානයන් ලෙස ලබාගැනීමට ද උත්සාහ කරමින් සිටින බව ඇමති කීය.