kanchana-wijesekara-speaks

විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් කංචන විජේසේකර අමාත්‍යවරයා මෙසේ පැවසුවේය,

    ”පොදු ප්‍රවාහනය, කර්මාන්ත , අත්‍යවශ්‍ය සේවා සඳහා ප්‍රමුඛතාව දෙනවා. ඊයේ රාත්‍රී ආරක්ෂක මණ්ඩලය රැස්වුණා ඒ අනුව ඔවුන් තීරණය කරලා තියෙනවා හෙට දවසේ සිට සෑම පිරවුම්හලකටම පෝලිමක සෑම පුද්ගලයෙකුටම පිළිවෙළට ටෝකන් එකක් ලබා දෙන්න හෙට ඉදලා පොලීසිය ඇතුළු ත්‍රිවිධ හමුදාව සෑම පිරවුම්හලකටම යොදවනවා.දුරකතන අංකය ද ලබා ගෙන ටෝකන් එකක් දෙනවා ඉන්න පිළිවෙළට මුද්‍රාව සහිතව ඒ පිරවුම්හලට ආවේණික ලෙස ආකාරයට..



මූල්‍ය කළමනාකරණය නිසි ලෙස සිදුවන තුරු යම් අභියෝගවලට මුහුණ දීමට සිදුවනු ඇති බව ද ඉන්ධන ආනයනය ඇතුළු තවත් සාකච්ඡා කිහිපයක් සඳහා අමාත්‍යවරුන් දෙදෙනක් හෙට රුසියාව බලා පිටත්ව යන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

අමාත්‍යවරයා පැවසුවේ, භූමිතෙල් මිල සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් තිබුණ ද මේ වන විට සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීම හේතුවෙන් භූමිතෙල් නිකුත් නොකරන බැවින් මිල සංශෝධයකට නොගිය බවයි.

පවතින ඉන්ධන අර්බුදය මූල්‍ය තත්ත්වය යහපත් වන තෙක් අවුරුද්දක පමණ කාලයක් පවතිනු ඇති බවද ඉන්ධන නෞකාව පැමිණෙන තෙක් ඉන්ධන බෙදා හැරීම සීමා සහිතව සිදුවන බවත් එහිදී ටෝකන් අනුපිළිවෙල අනුව ඉන්ධන පිරවුම්හලට බවුසරයක් පැමිණි පසු දැනුවත් කිරීමක් සිදුකර බෙදා හැරීමට නියමිත බවත් කීය.

ඉදිරි දින කිහිපයේ ඉන්ධන පෝලිම්වල රැඳී නොසිටින ලෙසත් ටෝකන් පත ලබා ගැනීමෙන් අනතුරුව නිවෙස් බලා යන ලෙසත් අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මෙරට ඉන්ධන බෙදාහැරීමේ කටයුතු වෙනත් රටවල්වල සමාගම්වලට ලබා දීමට කටයුතු කරන බවද ඒ අනුව IOC සමාගම හැර වෙනත් ඕනෑම විදේශීය සමාගමකට මෙරට ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදුකළ හැකිවන ලෙස වෙනස්  කරන බව කී ඇමතිවරයා
රජයට අයත් සිපෙට්කෝ හි සේවකයන් සහ පවතින පාඩුව දරාගැනීමට නොහැකි  යයි දැන්වීය.
ඒ අනුව ඊට අදාළ කැබිනට් පත්‍රිකාව හෙට(27) පැවැත්වෙන කැබිනට් හමුවට ඉදිරිපත් කරන බවද ඔහු පැවසීය.

ඇමතිවරයාගේ පැයකට වඩා වැඩි දිගු පැහැදිලි කිරීම පහත වීඩියෝවේ පරිදිය.