
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඉදිරිපිට අද පෙරවරුවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
එක්දින සේවාව යටතේ හැඳුනුම්පත් ලබා ගැනීමට වේලාව වෙන්කර දී තිබිය දී හැඳුනුම්පත් නිකුත් කිරීමට නිලධාරීන් නොමැති වීම හේතුවෙන් මෙම තත්වය ඇති විය.
එක්දින සේවාව යටතේ හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා අද දිනය වෙන් වුණු පුද්ගලයින් හැඳුනුම්පත් ලබා ගැනීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට පැමිණි නමුත් සිකුරාදා නිවාඩු ලෙස සලකා නිලධාරීන් නොමැතිවීමත් සමඟ උණුසුම් තත්ත්වය හට ගෙන ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval