hirunika-speaks

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යූටියුබ් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇයට මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ එල්ලවන ප්‍රහාර ගැන කතාකොට තිබේ,
ඇය පවසන්නේ පසුගියදා ඇය අගමැතිවරයාගේ නිවස ආසන්නයේ සිදු කළ විරෝධතාවෙන් පසු තමන්ගේ පයෝදර සම්බන්ධ කරමින් එල්ල කළ ප්‍රහාර වලට තමන්ද ප්‍රතිප්‍රහාර දියත්කළ බවයි. එම ප්‍රතිප්‍රහාරය සමග අවලාද සියල්ල නතරවූ බවයි.


තමාගේ පපු ප්‍රදේශය ගැන කියමින් කියන්නට ආ ලිංගික අවලාද වලට තමා මව් කිරි මතක් කර ලබාදුන් පිළිතුර සමග එම පෝස්ටු හැදූ අය කටපියාගත් බවත් සියලු අවලාද මැකී ගිය බවත් කියන හිරුණිකා ලංකාවේ කාන්තාවන්ට බොහෝ විට මඩ පහර එල්ලවන්නේ ලිංගික දේවල් පදනම් කරගෙන බවත් තමා ඒවාට නොබියව ඒවා ගැන කියමින්ම උත්තර දෙන බවයි.
මින් ඉහත රන්ජන් හා තමා අතර දුරකථන සංවාද ප්‍රචාරය කළ අය පවා තමා ලබාදුන් ප්‍රති උත්තර හමුවේ නිහඩවූ බවද ඇය මෙහිදී කියා සිටින්නීය.
ඇය සටහන් රේඩියෝ නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව පහතින්