harsha-de-silva-nasheed

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා තමන්ගේ නම සඳහන් කරමින් සිදුකළ ප්‍රකාශයක් සත්‍ය නොවන බව මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් පවසා තිබේ.

හර්ෂ ද සිල්වා මහතා පසුගියදා මහජන රැස්වීමකදී ප්‍රකාශ කර තිබුණේ

“මට හම්බුණා මාලදිවයිනේ හිටපු ජනාධිපති නෂීඩ්, දැන් සති එකහමාරකට දෙකකට විතර කලින්. නෂීඩ් කිව්වා අපි කෝපි එකක් බොමු කියලා. එයා හිටපු ජනාධිපති, දැන් එහේ කථානායක. නෂීඩ් කිව්වා ‘හර්ෂ මට පොඩි කොන්ට්‍රැක්ට් එකක් දීලා තියෙනවා ආණ්ඩුවෙන්’ කියලා. – පළවෙනි පාරට මම මේක මාධ්‍යයට කියන්නෙ – මං ඇහුවා මොකක්ද කියලා.

‘හදිසි අවස්ථාවක් හැටියට සලකලා ලංකාවට ඩොලර් ටිකක් හොයාගන්න, තෙල් ටිකක් ගේන්න. ඉතින් ඒ නිසා මම කෝල් කළා මොහොමඩ් බින් සල්මාන්ට (MBS) . සවුදි අරාබියේ ප්‍රධානියා. පුද්ගලිකවම ටෙලිෆෝන් එකෙන් කතා කළායි කිව්වා. MBSට කතා කරලා අනේ ලංකාවට පොඩි උදව්වක් කරන්න ඕගොල්ලන්ට පුළුවන්ද කියලා ඇහුවා කිව්වා. MBS කිව්වායි කිව්වා නෂීඩ්ට ‘අඩු ගාණෙ ප්ලෑන් එකක්වත් තියනවාද ඔය මිනිස්සුන්ට ? මට කතා කරන්න එපා’ කිව්වායි කිව්වා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පාලකයාට කතා කළායි කිව්වා. එයා කිව්වායි කිව්වා ‘ඔය විකුණන්න මොනවා හරි ඒ රටේ තියෙනවා නම් ලැයිස්තුවක් ගහලා එවන්න, මං හිතලා බලන්නම්’ කිව්වායි කිව්වා. මං මේ කියන්නෙ මාලදිවයිනේ හිටපු ජනාධිපති මට කිව්ව කතාව” යනුවෙනි.

මෙය ප්‍රතික්ෂේප කරමින් කෙටි ට්විටර් පණිවිඩයක් ලියූ මොහොමඩ් නෂීඩ්  
‘හර්ෂ ද සිල්වා මට නිතර හමුවන මගේ දීර්ඝ කාලීන මිතුරෙකි.නමුත් ඔහු කළ ප්‍රකාශයක් ගැන පළවන කලම්බු ගැසට් ඇතුළු මාධ්‍ය වාර්තා සත්‍ය නොවේ.ශ්‍රී ලංකාව පත්ව ඇති තත්ත්වය සම්බන්ධයෙන් රටවල් ගණනාවක් උදව් කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බව මට කිව හැකියි. ඒ සදහා අවශ්‍ය සහායන් ඉක්මනින් ශ්‍රී ලංකාවට හිමිවනු ඇති බව මා විශ්වාස කරනවා.‘



කෙසේ වෙතත් මොහොමඩ් නෂීඩ්ගේ මෙම පිළිතුරු සටහනට ට්විටර් වෙත නැවත අදහසක් පළ කරන හර්ෂ ද සිල්වා මෙසේ දන්වා ඇත.
‘මගේ මිත්‍ර නෂීඩ් ට සියලු ගෞරවයෙන් ලියමි..
සති කිහිපයකට පෙර මම ඔහු සමඟ නැවත සංවාදයක් කළ දේ ඔහු පිළිගත්තාට මම එකඟ වෙමි. කෙසේ වෙතත්, බොහෝ ජාතීන් # SriLanka වට උදව් කිරීමට කැමැත්තෙන් සිටින බව ඔහුගේ විශ්වාසය සටහන් කිරීම අසා මම සතුටු වෙමි.‘

හර්ෂ ද සිල්වා හා නෂීඩ් මිතුරන් බව මෙම සංවාද තුළින් පැහැදිලි වන අතර එහි බොරුවක් කර නැත.

නෂීඩ් හා හර්ෂ සති ගණනාවකට පෙර හමුවී මෙම පැහැදිලි කිරීම කර ඇති නිසා හර්ෂ ඒ වනවිට තත්වය දැන් එකක් ලෙස යාවත්කාල කිරීම දෝෂ සහගතය.
ඇතිව තිබෙන තත්වය අතිශයොක්තියෙන් ප්‍රකාශ කර ඇති බවද පෙනී යයි.
කෙසේ වෙතත්  ලංකාවට උදව් කරන කෙනෙකු මොහොමඩ් නෂීඩ් සොයාගත්තා යයි තවම සටහන්කර නැති අතර ඔහු බලාපොරොත්තු පමණක් ලබාදී ඇති බව පෙනී යයි.