harry-potter-ukraine

ලෝකයේ ධනවත්ම ගත්කතුවරිය ලෙස සැලකෙන "හැරී පොටර්" නිර්මාණකාරිය ජේ.කේ. රෝලිං විහිළුවකට ගොදුරුවීම නිසා බටහිර මාධ්‍ය තුළ ආන්දෝලනයක් ඇති කර තිබේ.
ඇය යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සමඟ සූම් ඇමතුමක සිටින ආකාරයට හඬ හා රූප හොඳින් ගළපා සංස්කරණය කළ ව්‍යාජ වීඩියෝවක් මේ සතියේ මතු විය.

රුසියානු විකට යුගලයක් වන Vovan සහ Lexus විසින් මෙම වීඩියෝව නිකුත් කර තිබූ අතර මෙම කණ්ඩායම ප්‍රසිද්ධ පුද්ගලයින් රැවටීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලයි, කෙසේ වෙතත් රෝලින් ගේ ප්‍රකාශකයෙකු වීඩියෝව "සංස්කරණය කරන ලද" සහ "පිළිකුල් සහගත" ලෙස හැඳින්වීය.
J.K. Rowling කතුවරිය යුක්රේනයේ ඇයගේ පුළුල් පුණ්‍ය කටයුතු ගැන කතා කිරීමට ලුමෝස් පුණ්‍යායතනය හරහා ප්‍රවේශ වූ අවස්ථාවක ප්‍රසිද්ධ කරන ලද වීඩියෝවක් මේ ආකාරයට සංස්කරණයට හා විකෘතියට ලක්කර ඇතැයි පැවසේ.
Rowling ගේ Lumos පුණ්‍යායතනය යුක්රේනයේ  Zhytomyr කලාපයේ යුක්රේන දරුවන්ට සහ පවුල්වලට ආධාර කරයි.



විහිළුකාරයන්ගේ ඇමතුම අනුව "Lumos එකතු කළ මුදල් ඔබ යවන්නේ කොතැනටද යන්න මට පැහැදිලි කිරීමට අවශ්‍යයි. … රුසියානු හමුදා විනාශ කිරීම සඳහා ඔබේ මුදලින් ආයුධ සහ මිසයිල විශාල ප්‍රමාණයක් මිලදී ගැනීමට අපට අවශ්‍යයි, ඔබ සියල්ලෝම එය කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. " ඇය කිවූ ලෙස සඳහන්වේ.
 "අපි ළමයින් බලාගන්නම්, නමුත් මට ඇත්තටම අවශ්‍ය යුක්රේනයට අවශ්‍ය සියලුම ආයුධ තිබීමයි." එම ඇමතුමේදී තවදුරටත් ඇය පවසයි.

Vladimir "Vovan" Kuznetsov සහ Aleksei "Lexus" Stolyarov යන පුද්ගලයින් දෙදෙනා මින් පෙර බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්, එල්ටන් ජෝන්, ඇමරිකානු හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්, ඇමරිකානු උප ජනාධිපති හැරිස් සහ හැරී කුමරු ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයින් කිහිප දෙනෙකු පසුගිය කාලය තුළ මේ ආකාරයට රවටා ඇත.

එම ප්‍රෝඩාකාරී (ප්‍රෑන්ක්) වීඩියෝව පහතින්




ලෝකයේවැඩිම ආදායම් ලද ගත්කතුවරුන්ගේ ලැයිස්තුව 2019