
ලාෆ් ගෑස් සමාගම කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,199 සිට 6,850 දක්වා රුපියල් 2,651කින් ඉහළ දමා ඇත.
මීට අමතරව කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරය රුපියල් 1,680 සිට 2,740 දක්වා රුපියල් 1060කින් ඉහළ දමා ඇත.මාස තුනකට අධික කාලයක් තිස්සේ වෙළෙඳපොළට ගෑස් සැපයුම් නොකළ ලාෆ් සමාගම අද (6දා) සිට නැවත සිය සැපයුම් ආරම්භ කරන බව පවසයි. මේ අතර සිය නිෂ්පාදනවල මිල වැඩි කිරීමට තවම තීරණයක් ගෙන නැති බව ලිට්රෝ සමාගම සඳහන් කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval