galle-police-girls-rescue

බද්දේගම හල්පාතොට නිවර්තන ළමා නිවාසයේ අධිකරණ නියෝග මත  රඳවා සිටි බාලවයස්කාර දැරියන් දෙදෙනකු ළමා නිවාසයෙන් පැනගොස් ගාල්ලේදී මුහුදට පැනීමට තැත් කිරීමේ සිදුවීමක් වාර්තාවේ.

ඔවුන් දිවි තොරකරගැන්මට උත්සාහ කළ අවස්ථාවේ අසල සිටි පිරිසක් ඔවුන් බේරාගෙන තිබේ.



බද්දේගම හල්පාතොට නිවර්තන නිවාසයේ  සිට පෙරේදා (25) සවස ළමා නිවාසයෙන් පැන කුමාරකන්ද දක්වා පයින් පැමිණ එතැන් සිට බස් රථයක නැගී ගාල්ල නගරයට පැමිණි දෙදෙනා පමණක් බස් රථයේ තවදුරටත් සිටීම නිසා ඇතිවූ සැකයට කොන්දොස්තරවරයා ප්‍රහ්න කරද්දී කිසියම් සඟවන දෙයක් ඇති බව වැටහී ඇත. පසුව ඔවුන් පොලිසියට බාරදීම සඳහා කැඳවාගෙන යෑමට සූදානම් වූ අවස්ථාවේ දෙදෙනා මුහුද පැත්තට දුවගොස් ඇත. එසේ දුවගොස් එක් දැරියක මුහුදට පැන ඇති අතර අනෙක් දැරිය එහි සිටි අය අල්ලාගෙන ඇත.
මුහුදට පැන්න දැරිය ද බේරාගෙන පිරිස පොලිසියට බාරදී ඇත.
 එක් දැරීයක් කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව ගාල්ල පොලිසිය පවසයි.

දහසය හැවිරිදි මෙම දැරියන් දෙදෙනා බලපිටිය අධිකරණයේ නියෝග මත නිවාසයේ රඳවා සිටියදී කලකිරීම මත ඇතිවූ ප්‍රශ්න හේතුවෙන් මෙලෙස දිවි තොරකරගන්නට උත්සාහ දරා තිබේ.
දැරිය පොලිසිය බාරයේ කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.