
ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 470කි.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 100කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 550ක් වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේය.
ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 60කින් ඉහළ නංවා ඇත. එහි නව මිල රුපියල් 460කි.
සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 75කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 520ක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය.
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (IOC) ද සිපෙට්කෝ මිල ගණන්වලට සමානව සිය මිල ගණන් ඉහළ දමා තිබේ.
නව මිල පහතින් දැක්වේ.
* පෙට්‍රල් 92 – රු.50 කින් – නව මිල රු.470
* පෙට්‍රල් 95 – රු.100 කින් – නව මිල රු.550
* ඔටෝ ඩීසල් – රු.60 කින් – නව මිල රු.460
* සුපර් ඩීසල් – රු.75 කින් – නව මිල රු.520