europe-electric-vehicles

යුරෝපය තුළ අභ්‍යන්තර දහන එන්ජින් සහිත ඩීසල් සහ පෙට්‍රල් වාහන අලෙවිය වසර 2035 වසර වනවිට තහනම් කිරිම සදහා අනුමැතිය ලබාදීමට යුරෝපා සංගමය පියවර ගෙන ඇතැයි පවසයි.  මේ දිනවල  පැවැත්වෙන යුරෝපා සංගමයේ පරිසර අමාත්‍යවරුන්ගේ හමුවේදී මේ පිළිබඳ අනුමැතිය හිමිව තිබේ.

මේ හරහා එහි සාමාජික රාජ්‍යයන් 27 හි කාබන් ඩයොක්සයිඩ් විමෝචනය ශුන්‍යයක් බවට පත් කිර්ම අරමුණ වී ඇත. ඒ අනුව යුරෝපා සංගමයේ මෝටර් රථ නිෂ්පාදකයන් වසර 2035 තෙක් වසරකට නිපදවන අභ්‍යන්තර දහන එන්ජින් සංඛ්‍යාව 10,000කට කඩා අඩු විය යුතු බවටත් තීරණය කෙරී තිබේ.මෙම වාහන අලෙවිය තහනම් කිරීම පිළිබඳ තීරණය පළමුවරට යෝජනා කෙරුණේ 2021 ජුලි මාසයේදීය. ඒ අනුව යුරෝපා සංගමය තුළ පෙට්‍රල් සහ ඩීසල් වාහන අලෙවිය තහනම් කිරීම මෙන්ම 2035 වසරේ සිට වාණිජ සැහැල්ලු වාහන සම්පූර්ණයෙන්ම විදුලි එන්ජින් සහිත වාහන බවට පත් කිරීමත් සැලසුම විය.

විශේෂයෙන්ම වසර 2050 වන විට යුරෝපය තුළ මෝටර් රථ හරහා සිදුවන කාබන් විමෝවනය ශුන්‍ය කිරීමේ අපේක්ෂාව යටතේ මෙම යෝජනාව ඉදිරිපත් විය. එහිදී යුරෝපා සංගමයේ සාමාජිකයන් වන ජර්මනිය සහ ඉතාලිය මේ පිළිබඳ වන ඉල්ලීම සිදු කළ අතර, අනෙකුත් සාමාජික රාජ්‍යයන්ද ඊට අනුමැතිය ලබා දුණි. ඒ අනුව පොසිල ඉන්ධන නොවන කෘත්‍රිම ඉන්ධන හෝ බැටරි බලයෙන් ක්‍රියාත්මක දෙමුහුන් මෝටර් රථ යනාදී අනාගත පරිසර හිතකාමී විකල්ප තාක්ෂණයන් වෙත යොමු වීමට ඔවුන් එකගතාව පළ කර තිබේ.