
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා අද 22 පාර්ලිමේන්තුවට පැමිණ කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. ඔහු දිවුරුම් දෙන අවස්ථාවේ සියල්ලන් නැගිට ආචාරය පුද කළ අතර තම බදු ප්‍රකාශන හා වත්කම් බැරකම් ප්‍රකාශන කතානායකට ඉදිරිපත් කර දිවුරුම්දිම කියවූවේය.
පසුව සභාවට ගොස් ඔහුට නියමිත අසුනේ වාඩිවූ අතර එසේ යන අවස්ථාවේ රනිල් අගමැතිවරයා හා විමල් වීරවංශ මන්ත්‍රීවරයාට අතට අත දුන්නේය.
ධම්මික ආවේ හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් හිස්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයටය. ඔහුට පාර්ලිමේන්තු ඒමට නොහැකි බවට තර්ක කරමින් ඉදිරිපත්වූ පෙත්සම් සියල්ල අධිකරණය ඊයේ ඉවත දැමූ අතර එම තීන්දුවෙන් පසු ඔහු මෙලෙස දිවුරුම් දුන්නේය.
අද හෝ හෙට ධම්මික පෙරේරා තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන ඇමති ලෙස දිවුරුම් දීමට නියමිත බවට දේශපාලන ආරංචි හෙලි කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval