
බැසිල් රාජපක්ෂ ඉවත්වීමෙන් හිස්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා යෝජනාවී තිබුණද ව්‍යවස්ථාවේ මතුකරන ගැටලු හේතුවෙන් ඔහුට එම මන්ත්‍රීධූරය හෝ ඇමති ධූරය ලබාගත නොහැකි තත්වයක් මතුව තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 (E) වගන්තියේ ප්‍රකාරව ඔහුට හිමිව තිබෙන සමාගමක හෝ අධ්‍යක්ෂවරයෙක් ලෙස සිටි සමාගමක ගනුදෙනු ආණ්ඩුව සමග සිදුකිරීමට නොහැකිවීම මත ඔහුට මන්ත්‍රී ධූරයක්ලබාගන්නට අවශ්‍ය නම් ව්‍යාපාර ගණනාවක හිමිකරුවකු මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකුද වන ඔහු ඒ සියල්ලෙන් පළමුව ඉවත් විය යුතුයි
මෙවැනි ගනුදෙනු හේතුවෙන් රාජිත සේනාරත්න මන්ත්‍රිවරයාගේ මන්ත්‍රි ධුරයද අහෝසි වූ නඩු තීන්දුවක්ද මින් ඉහත අධිකරණය ලබාදී ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති අතර ධම්මික පෙරේරා මහතා අද පළවූ ජාතික පුවත්පතකට පවසා ඇත්තේ පාර්ලිමේන්තු යෑමට තමාගේ අදහසක් නොමැති බවයි.
ධම්මික ඇමති ධූරයක් ලබාගන්නට යාමෙන් පසු ඔහු තම සමාගම් වෙත බැල්ම හෙළාවි යන සැකය නිසා හටගත් උනන්දුව මත ඊයේ (09) කොටස් වෙළෙඳපොලේ කැපී පෙනෙන වෙනස්කම්ද සිදුවූ බව වාර්තාවේ.
ධම්මික පෙරේරා ප්‍රධාන කොටස් හිමිකාරිත්වය දරන වැලිබල් වන් සමාගමේ කොටස් මිල 20%කින් ද වැලිබල් ෆිනෑන්ස් සමාගමේ කොටස් මිල 15.97%කින් ද රෝයල් සෙරමික් සමාගමේ කොටස් මිල 10.49%කින් ද ඇලුමෙක්ස් සමාගමේ කොටස් මිල සියයට 9.68%කින් ද හෙලීස් ලෙෂර් සමාගමේ කොටස් මිල 7.24%කින් සහ හේලීස් පී.එල්.සී. සමාගමේ කොටස් මිල 6.64%ක් දක්වා ද ඊයේ වර්ධනයවී තිබුණි.
සම්බන්ධිත පුවත
ව්‍යාපාර පවුලේ අයට පවරා ධම්මික පාර්ලිමේන්තුවට එක්වන ආරංචි
Comments
Post a Comment
Your comment will be visible after approval