cycling-danger-in-town

තමා උපන් නගරයේදී පවා පාපැදි ධාවනය කිරීම අනාරක්ෂිත, භයානක අවස්ථාවක් බවට පත්ව තිබෙන බව, සිය එදිනෙදා ගමන් බිමන් සදහා පාපැදදි යොදාගත්තා පාපැදිකරුවන්ගෙන් අඩකට වඩා වැඩි පිරිසක් (52%ක්) පවසන බව ගෝලීය සමීක්ෂණයක් මගින් අනාවරණය වී තිබේ.  ගෝලීය වෙළෙඳපොළ සහ මහජන උපදෙස් පිළිබද ජාත්‍යන්තර සමීක්ෂණ ආයතනයක් Ipsos Global Survey ආයතනය මගින්, ලොව පුරා රටවල් 28කපාපැදි ධාවකයන් සම්බන්ධ කර ගනිමින් සිදුකළ සමීක්ෂණයක තොරතුරු අනුසාරයෙන් මෙම කරුණු අනාවරණය වී තිබේ. විශේෂයෙන්ම තම නගරවල පාපැදිපැදයාම සදහාම වෙන්වූ යටිතල පහසුකම් නොමැතිවීම සහ මහාමාර්ගය භාවිත කරන අනෙකුත් පුද්ගලයන්ගේ හැසිරීම් යනාදී දේ හේතුවෙන් එම අනාරක්ෂිත තත්ත්වය උදාවී තිබෙන බව එම පාපැදිකරුවෝ සදහන් කර සිටිති.



වර්තමානයේදී වඩාත් පරිසර හිතකාමී හරිත ප්‍රවාහන මාදිලියක් වෙත යොමුවීමේ ප්‍රවණතාවද සමග රටවල් රැස්සක් තුළ නගරාශ්‍රිත ප්‍රවාහන මාධ්‍යයක් ලෙස යතුරුපැදිය ප්‍රවලිත වෙමින් තිබේ. එහිදී කිලෝමීටර් 1ත් 2ත් අතර දුර සඳහා වන ගමන් බිමන්න්වෙනුවෙන් මෙලෙස පාපැදිය යොදාගැනීම සිදුකරයි. ඇතැම් රටවලදී එම දුර ඊටත් වඩා වැඩිය. දැනට පවතින දත්ත වාර්තා අනුව නෙදර්ලන්තය (45%), චීනය (33%), ජපානය (27%), ඉන්දියාව (21%), ජර්මනිය (21%) සහ බෙල්ජියම (20%) මෙලෙස ඉහළ ප්‍රතිශතයකින් පාපැදි භාවිත කරන ලොව නගර අයත් රටවල් ලෙස හදුනාගෙන තිබේ.

පසුගිය මාර්තු 25දා සිට අප්‍රේල් 08දා දක්වා කාලය තුළ අන්තර්ජාලය හරහා මෙම සමීක්ෂණය සිදුකර තිබේ. ඒ සඳහා රටවල් 28කට අයත්වයස අවුරුදු 16ට වැඩි පුද්ගලයන් 20,057දෙනෙකුගේ තොරතුරු රැස් කරගෙන ඇත. කෙසේ වෙතත්, තම උපන්නගලදී පවා ප්‍රවාහන මාධ්‍යයක් ලෙස පාපැදි භාවිතය අදටත් භයානක අවස්ථාවක් බව මෙම පාපැදිකරුවන් පවසයි.

එහිදී විශාල නගර තුළදී මෙම භයානක බව 58%ක ප්‍රතිශතයක් ගන්නා බවත්, නාගරික සීමාවේදී එය 47%ක ප්‍රතිශතයක් ගන්නා බවත් සදහන් වෙයි. මේ අතර, චිලියේ සහ කොලොම්බියාවේ පාපැදිකරුවන්ගෙන් 70%ක ප්‍රතිශතයක් සිය නගර තුළ පාපැදිපැදයාම භයානක  අවස්ථාවක් බව සඳහන් කර තිබේ.

එම නගර තුළ තමන්ට සුදුසු යටිතල පහසුකම් නොමැතිවීම සහ අනෙකුත් වාහන පැද යන රියදුරන්ගේ හැසිරීම් ඊට බලපා තිබෙන බව ඔවුන් සදහන් කරයි. ලතින් ඇමෙරිකාවේම පිහිටි මෙක්සිකෝව සහ පේරු රාජ්‍ය තුළ එම අනාරක්ෂිත බව පිළිබද ප්‍රතිශතය 68%කි. එම මර්සියානු පාපැදිකරුවන්ගෙන් 65%ක් මෙම අවදානම අනුමත කරයි. මීට අමතරව ආර්ජන්ටියානු සහ සොදී පාපැදිකරුවන්ගෙන් 64%ක් එයම පවසයි.  මෙහිදී පාපැදිකරුවන්ගෙන් බහුතරයකගේ අදහස වන්නේ ඉදිරියේදී ආරම්භ කරන නව ප්‍රවාහන ව්‍යාපෘතිවලදී මෝටර් රථවලට වඩා පාපැදි සදහා ප්‍රමුඛතාව ලබාදීම තමන්ට සිදුකරන උදව්වක් වනු ඇති බවකි. ඒ හරහා ජනතාව අතර මෙම පාපැදි පැදයාම පිළිබඳව විශ්වාසයක් ගොඩනැගෙනු ඇති බවත්, ඒ හරහා පරිසරයට වඩා හිතකාරි අවස්ථාවක් උදාකරනු ඇති බවත් ඔවුහු සදහන් කරති.