උද්ධමනය පහත හෙළිමට අපි දැන් කුමක් කළ යුතුද?

Ad Code

උද්ධමනය පහත හෙළිමට අපි දැන් කුමක් කළ යුතුද?

What-should-we-do-now-to-bring-down-inflation

රට තුළ උද්ධමනය දිනෙන් දින වැඩි වීම හේතුවෙන් ජනතාව මහත් පීඩාවට පත් වී තිබේ. පසුගිය කාලය පුරාවට පාලකයන් සහ රජයන් ගත් බොහෝ අදූරදර්ශී තීන්දු තීරණ මෙයට ප්‍රබලව හේතු විය. මේ වන විට රටපුරා ඉන්ධන පෝලිම්, කිරිපිටි පෝලිම් දැකිය හැකි වන අතර, නුදුරේදීම සහල් පෝලිම්, එළවළු පෝලිම්ද නිර්මාණය වනු නොඅනුමානයි. මේ මොහොතේදී රටේ පවතින උද්ධමන තත්වය යම් ආකාරයකින් හෝ අඩු කර ගනිමින් ඉදිරියට රට ගෙන යා හැක්කේ කෙසේද සහ උද්ධමනය අඩු කිරීමට ජනතාවගේ වගකීම කෙබඳුද යන්න පිළිබඳ සොයා බැලීමට අපි සිතුවමු. මේ ඒ පිළිබඳව කැලණිය. විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය මහින්ද හේනේගෙදර මහතා දැක්වූ අදහස්ය.   



භාණ්ඩ හා සේවාවල මිල අඛන්ඩව ඉහළ යාම සරල අර්ථයෙන් උද්ධමනය ලෙස හැදින්විය හැක. ඕනෑම රටක භාණ්ඩ හා සේවාවල මිල එක් මටිටමක තබා ගැනීමට නොහැකිව ඉහළ යෑම ප්‍රධානම ගැටලුවකි. භාණ්ඩ හා සේවාවල සැපයුම අඩු වී එම හිඩැස පිරවීමට නොහැකි වන විට ඒවායෙහි මිල ඉහළ යයි. එවීට ඉල්ලුම වැඩි වී සැපයුම අඩු වේ. මේ වන විට රටේ සහල් සහ එළවළුවලට සිදුව ඇත්තේද ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීමයි. මෙහිදී සැපයුමක් ලෙස හඳුන්වන්නේ සැපයුම් ජාලයයි. ගොවියාගෙන් ආරම්භ වී පිටකොටුවේ මුදලාලි දක්වාත්, එතැනින් ගමේ සිල්ලර වෙළදා දක්වාත් ඇති ජාලය සැපයුම් ජාලය වේ. සැපයුම් ජාලය පසුගිය කාලයේදී යම් ආකාරයෙන් බිඳවැටිණි. එමෙන්ම ගොවීන්ට පොහොර නොලැබීම හේතුවෙන් ඔවුන්ගේ නිෂ්පාදනයද අඩු විය. නිෂ්පාදනය අඩු වන විට වෙළෙඳ පොළට පැමිණින්ද අඩු භාණ්ඩ ප්‍රමාණයකි. ඒ අතර රටේ ඉන්ධන අර්බුදයද දැවැන්ත විය. මේ හේතුවෙන් සැපයුම් ජාලය තවත් අඩාළ විය. මෙම සැපයුම් ජාලය කිසියම් ආකාරයකට නැවත පණ ගැස්සවිය හැකි නම්, රටේ උද්ධමනයට විසඳුමක් නිර්මාණය විය හැක. වෙළද පොළ තුළ කරවල, හාල්මැස්සන්වල මිලද 300%කින් ඉහළ ගොස් තිබේ.

'රට වටේ මුහුද තියාගෙන කරවල කෑල්ලක්වත් කන්න බැහැ” යනුවෙන් ජනතාව පැවසුවද, එයටද සිදුව ඇත්තේ සැපයුම් ජාලය කඩාවැටීම සහ නිෂ්පාදනය අඩු වීමය. සැපයුම් ජාලයේ අවුල් වී ඇති තැන් කිසියම් දුරකට ලිහා ගැනීමට ආණ්ඩුවට හැකි නම්, රටේ උද්ධමනයට විසදුම් සෙවිය හැක. සැපයුම් ජාලය කඩා වැටී ඇති විට භාණ්ඩ හා සේවාවල මිල පාලනය කිරිමට නොහැකිය. එමෙන්ම ලංකාවේ ආහාර පරිභෝජනයට අවශ්‍ය බොහෝ ද ආනයනික භාණ්ඩ වේ.පාකිස්තානයෙන් ගෙන්වන අලවල මිල ලංකාවේ ගොවීන් වෙළඳපොළට එවන අලවල මිලට වඩා අඩුය. එමෙන්ම ආනයනික සහල්වල මිලද දේශීය සහල්වල මිලට වඩා අඩුය. නමුත් භාණ්ඩ ආනයනයද රට තුළ පවතින ඩොලර් හිගය නිසා සීමා වී ඇත.

වෙළඳ පොළ තුළ සහල් හිගයක් ඇතිවුණු මොහොතේදී ආණ්ඩුව එය සමබර කර ගැනීමට ආනයනික සහල් තොග වෙළද පොළට නිකුත් කරනු පසුගිය කාලයේදී දක්නට ලැබිණි. නියගය හෝ වෙනත් කාරණා හේතුවෙන් දේශීය නිෂ්පාදනවල සැපයුම අඩු වන විට රජය විසින් ආනයනික නිෂ්පාදන වෙළද පොළට සපයීම සාමානයෙන් සිදුවන්නකි. මෙයද පොදු තුළින් වෙළද පොළ සමබර කිරීම ලෙස එය හදිවී. ගොවීන් එලදාව නෙළන කාලවලදී අදාළ නිෂ්පාදනයේ මිල අඩු වන අතර, නැවත වගා කිරීම ආරම්භ කිරීමේදී වෙළද පොළ තුළ එම නිෂ්පාදනයේ අඩුවක් සිදුවෙයි. මෙම හිඟය පිරිමැසීම සදහා රජය විසින් එම නිෂ්පාදනයන් ආනයනය කර වෙළඳපොලට එක් කරයි. එමෙන්ම ඵලදාව නෙළන කාලයේදී අදාළ භෝගයේ ආනයනික බදු වැඩි කිරීමද එලදාව හිඟ කාලවලදී ආනයනික බදු ලිහිල් කිරීමට රජය සිදුකරයි. එවැනි ප්‍රතිපත්ති දිගු කාලයක පටන් රටේ ආණ්ඩු පවත්වාගෙන ආ අතර, වර්තමානයේදී ද එවැනි ක්‍රියාත්මක කළ හැකි ප්‍රතිපත්ති තිබේ. එම ප්‍රතිපත්ති අද ක්‍රියාත්මක නොවීම මහත් ගැටලුවකි.

රටක් තුළ සැපයුම් ජාලය අඩාල වීම තුළ උද්ධමනයක් ඇති වීය හැක. සැපයුම අඩු වීමේදී ආණ්ඩුව සතුව තිබෙන යම් යම් උපක්‍රම භාවීත කල යුතුය. VAT බද්ධ හෙවත් වටිනාකම් එකතු කිරිම් බදත් අවසානයේ පැටවුන් ජනතාවගේ කර මතය. ඩොලරයේ අගය පිරිහී ගොස් ඩොලරයේ මිල ඉහළ ගොස් තිබේ. එමෙන්ම ගෙන්වන භාණ්ඩවලට වටිනාකම් එකතු කිරිම් බදක්ද එකතු කර තිබේ. උද්ධමනය පාලනයකාට බඩු මිල අඩු කරත්තට නම් ඉහත ඇති පිළිබඳව සලකා බැලිය යුතුය. එය ඉතා අසීරුය. අතීතයේදී මෙවැනි තත්ත්ව සඳහා සාර්ථක රාජ්‍ය යාන්ත්‍රණයක් රටේ පැවතීය. උදාහරණයක් ලෙස 1950 දශකයේදී ආරම්භ වුණු වී අලෙවී මඩලය හැදින්විය හැක. එකල සහල් මුදලාලිලා සිටියේ නැත. සමුපකාර හරහා ගොවීන්ගෙන් වී එකතු කර මිල තීරය කරනු ලැබුවේද වී අලෙවි මණ්ඩලය විසිනි. ඒ හරහා ගොවියාට සාධාරණයක් ඉටු විය. වී අලවි මණ්ඩලය අස්වැන්න වැඩි කාලවලදී තොග ගබඩා කර තැබීම සිදු කළේය. එම තොග වෙලද පොල් මිල වැඩි වන කාලවලදී වෙළඳ පොළට නිකුත් කළේය. නමුත් වර්තමානයේදී එම යාන්ත්‍රණය  වී අලෙවි මණ්ඩලය ක්‍රියාත්මක නොකරයි.



ගොවීන්ගෙන් වී අලෙවි මණ්ඩලය වී මිලට ගත්තා නම් මේ වන විට වී අලෙවි මණ්ඩලය සතුව තොග තිබිය යුතුය. පසුගියදා අමාත්‍යවරයා පවසා තිබුණේ වී අලෙවි මණ්ඩලය සතුව තිබෙන තොග එළියට දමන බවයි. සැබැවටම එම තොග වෙළෙඳ පොළට එව්වහොත් කිසියම් ආකාරයකට ආණ්ඩුවට ඉන් සහනයක් ඇති විය හැක.  VAT බදු එකතු කරනවා සේම ගොවීන් ආරක්ෂා කර ගැනීම සදහා ඔවුන්ට සහනාධාර දීමද ඉතා වැදගත්ය. පීඩිත පන්තියේ ගොවීන්ව රැක ගැනීම අවශ්‍යය. උදාහරණයක් ලෙස ආණ්ඩුව යම් පිරිවැයක් දරාගෙන පීඩිත පන්තියේ ගොවීන්ට පොහොර ඉතා සහනදායී මිලකට  ලබාදීම දැක්විය හැක. ඉන්පසුව අස්වනු නෙළන කාලයේදි ඔවුගන් වී එකතු කර ගැනීමට ආඩුවට හැකිය. රජය සතුව මේ මොහොතේදීත් රටේ තත්වය පාලනය කළ හැකි ආයුධ තිබුණද ඔවුන් ඒවා භාවිත නොකරයි. මේ මොහොතේදී  රටේ දේශපාලනය යම්  අස්ථාවරත්වයක තිබුනාද, කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පැවැති ආයතනවල ඔවුන්ගේ කාර්යභාරය මෙතෙක් කල් පැවතියේය. ඒ කිසිදු කාර්යයක් එම ආයතනවලින් මේ මොහොතේදී සිදුනොවන නිසා දුප්පත් ජනතාවත්, ගොවීනුත්  ඇතුළු සියලු පිරිස් මහත් අපහසුතාවන්ට මුහුණ දී තිබේ.

ලෝකයේ ඕනෑම රටක උද්ධමනය ඇතිවක්නට පුළුවන. නමුත් උද්ධමනය පාලනය කිරීමට නියමිත ප්‍රතිපත්ති පාලකයන් සතුව තිබිය යුතුය. වත්මනේදී රටේ පාලකයන් සතුව අර්බුදයක් අවස්ථාවේදී ක්‍රියාත්මක කළ යුතු කිසිදු සාර්ථක ප්‍රතිපත්තියක් දැකිය නොහැක. රජය කිසියම් ආකාරයකට සමස්ත ආර්ථික ප්‍රතිපත්ති සකස් කිරිමේ උත්සාහයක නිරත වනු පෙනී යයි. නමුත් ඒ හා සමානවම පීඩාවට පත්වන කණ්ඩායම් රැක ගැනීමටද පියවර ගත යුතුය. සැපයුම් ජාලය අඩාළ වීමට හේතුව ප්‍රවාහනය නම්, ප්‍රවාහන වියදම් නිසි කළමනාකරණය කිරීම ආණ්ඩුව විසින් සිදුකළ යුතුය. උදාහරණයක් ලෙස දඹුල්ලේ සිට එළවළු කොළඹට ගෙනන ප්‍රවාහන වියදම් අධික නම්, ආණ්ඩුවේ මැදිහත් වීමෙන් සතොස වාහන, සමුපාකාර වාහන හරහා එම නිෂ්පාදනයන් ගෙන ඒමේ පියවරවලට යා හැකිය. එසේ නොමැති නම් එළවළු, පලතුරු. සහල් ප්‍රවාහනය කරත්තන් හට ඩීසල් ලබා ගැනීමට විශේෂ අවසරයන් ලබාදී සැපයුම් ජාලය නැවත ගොඩනැංවිය හැක. පසුගිය කෝවිඩි සමයේදී එවැනි වී බලපත්‍ර ලබාදෙමින් සැපයුම් ජාලය අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කළාක් මෙන්, මේ අවස්ථාවේදී ද එවැනි විසදුමකට ආණ්ඩුවට යා හැකිය. එවැනි පියවර සදහා ගියහොත් උද්ධමන තත්වය කිසියම් දුරකට වළක්වාගත හැක. නමුත් එවැනි විසඳුම්වලට ආණ්ඩුව යන බවක් දක්නට නොලැබේ.

පසුගිය කාලයේදී භාණ්ඩ මිල තීරණය කිරීම සඳහා වෙළද පොළට පවරන බව ආණ්ඩුව පැවසීය. වෙළදපොළ මිල අනුව භාණ්ඩ හා සේවාවල මිල තීරණය කිරීම වෙළද පොළ ආර්ථික ක්‍රමය ලෙසින් සරලව අර්ථ දැක්විය හැක. එනම් පාරිභෝගිකයන් වැඩියෙන් ඉල්ලන භාණ්ඩය හෝ අඩුවෙන් ඉල්ලන භාඩය අනුව වෙළද පොළේ මිල තීරණය වීමයි. එතුළ යම් තරගයක් ඇති වේ. නමුත් එයත් සිදුනොවේ නම් භාණ්ඩ හා සේවාවල මිල තීරණය කිරීමට ආණ්ඩුව මැදිහත් විය යුතුය. උදාහරණයක් ලෙස සහල් මිල ගනිමු. සහල් මිල සම්බන්ධයෙන් මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සහ සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ගේ අදහස දෙකකි.  නිසි පාලනයක් නොමැතිකම මෙයට හේතුව වේ. වී අලෙවි මණ්ඩලයේ කාර්යභාරය ක්‍රමයෙන් අඩු වන විට ව්‍යාපාරික පන්තියට ඒ සදහා මැදිහත් වීමට විශාල ඉඩක් නිර්මාණය වේ.



කඩා වැටී තිබෙන සැපයුම් ජාලයේ හිඩස්  සම්පූර්ණ කිරීමට හැකි නම්, පීඩාවට පත් ජනකොටස් හදුනාගෙන ඔවුන්ට සහන සැපයීම කළ හැකි නම්, කුඩා ගොවීන්ට සහනාධාර දිය හැකි නම්, රටේ උද්ධමනය අවම කර ගැනීමට හැකිය. මෙවැනි මොහොතක ගොවීන්ට සහනාධාර දෙන්නේ කෙසේදැයි ඇතැමෙකු අදහස් පළ කළ හැකිය.  නමුත් රජය මෙවැනි මොහොතක බදු එකතු කරනවා නම් තෝරාගත් කුඩා පිරිසකට හෝ සහනාධාර  ලබාදිය යුතුය. බදුවලින් කොටසක් සහන සදහා වෙන් කළ හැක. එය රජයේ කාර්යභාරයකි. අර්බුද අවස්ථාවකදී එවැති තීන්දු තීරණ ගත යුතුය. මෙහිදී ජනතාව සතුවද වගකීමක් තිබේ. ජර්මනිය, ජපානය වැනි රටවල් නැගිටීමේදී ඒ  රටවල ජනතාව තුළ අපි නැගිටිය යුතුයි යන ශක්තිය තිබිණි. එම රටවල් දියුණු වූයේ එලෙසිනි. ජපානය නව නිෂ්පාදන, අලුත් අලුත් දෑ සෙවීමට පටන් ගත්තේ ඒ ආකාරයෙනි. එබැවින් මේ මොහොතේදී විකල්ප සදහා ජනතාව යම්තාක් දුරකට යොමු වීම සිදුවිය යුතුය. ගස් නොමැති නම් ඒ සදහා විකල්පයක් සොයාගත යුතුය. බොහෝ විට තට්ටු නිවාසවල සිටිනා නයාට ගස් නොමැති විට විකල්පයන්ට යා නොහැකි විය හැක. නමුත් විකල්පයන්ට යා හැකි අය විකල්ප තෝරා ගැනීම මේ මොහොතේදී සිදුකළ යුතුය. ජනතාව මේ වන විටත් විශාල කැප කිරීමක් සිදුකරමින් සිටියි. එමෙන්ම ඒ කැප කිරීමත්, ඉවසීමත් තමන් තුළ තිබීම ඉතා වැදගත්ය. නමුත් රටේ වැඩි බහුතරයකට තවමත් රට තිබෙන අර්බුදයක බව තේරුම් ගොස් නැත.

කැලණිය. විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය මහින්ද හේනේගෙදර
සටහන - කැළුම් දේවින්ද




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Close Menu