
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (08) දින පාර්ලිමේන්තුවේ
දී විශේෂ ප්‍රකාශයක් සිදුකළේය.
එහිදී ඔහු සඳහන් කළේ, තමා අද සිට විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන බවය.
තමා ඒ බව සජිත් ප්‍රේමදාස මහතාට ලිඛිත දැනුම්දුන් බවද මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.
මෙම අවස්ථාවේ ආණ්ඩුවට හෝ විපක්ෂයට තමා සාමාජිකයෙකු ලෙස සම්බන්ධ නොවන බවත් ආණ්ඩුවේ කිසිදු ඇමති ධූරයක් භාර නොගන්නා බවත් යහපත් දේ වෙනුවෙන් ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව කීය.
ආණ්ඩුව සර්වපාක්ෂික හා අන්තර්කාලීන ආණ්ඩුවක් වියයුතු බවට තමා විශ්වාස කරන බවත්කීය.
Comments
Post a Comment
Your comment will be visible after approval