basil-sagara-ketagoda-bandara

බැසිල් රාජපක්ෂ මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉවත්වීමේඉල්ලා අස්වීම පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත ලබාදී ඇති අතර ඉදිරියේදී ටික කලක් නිහඩව සිට යළි පක්ෂ ප්‍රතිසංවිධානය කිරීමට අපේක්ෂාවෙන් විරාමයක් ගන්නා බව අද (9) පැවති මාධ්‍ය හමුවේදී දන්වා සිටියේය.


මේ අතර ඔහු සිය මාධ්‍ය හමුවේදී තවත් තුන්දෙනෙක් විතර ඉල්ලා අස්වෙන්න නියමිත යයිද කි නමුත් නම් හෙලි කරේ නැත.
දේශපාලන ආරංචි සදහන් කරන්නේ බැසිල්ගේ සමුගැනීම සමග පාර්ලිමේන්තුවේ ඔහුගේ සමීපතමයින් ලෙස පැමිණි සාගර කාරියවසම්, ජයන්ත කැටගොඩ හා මහාචාර්ය රංජිත් බණ්ඩාර යන අයද ඉදිරියේදී මන්ත්‍රී ධූරවලින් සමුගන්නට නියමිත බවයි.


මින් ඉහත බැසිල් රාජපක්ෂ ඇමරිකාවේසිට පැමිණ පසුගිය වසරේ මුදල් ඇමති ධූරය බාරගන්නා අවස්තාවේත් මේ අය තමන්ගේ අසුන බැසිල් වෙනුවෙන් පරිත්‍යාග කරන්නට ඉදිරිපත්වූ අය වන අතර පසුව ජයන්ත කැටගොඩ ඉවත්වී බැසිල්ට අසුනක් දුන්නේය. කෙසේ වෙතත් පසුකාලීනව ඇතිවූ වෙනත් පුරප්පාඩුවකින් පසු ජයන්ත කැටගොඩ නැවත මන්ත්‍රී අසුනකට ගියේය.
බැසිල් පාර්ලිමේන්තුවෙන් ඉවත්වීම සමග මේ අය දේශපාලන අනාථයින් තත්වයට පත්වීම නිසා මෙලෙස ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුනින් ඉවත්වන බවත් ඒ වෙනුවට රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ප්‍රගතිශීලී පුද්ගලයින් කිහිපදෙනෙකුට අසුන් පිරිනමන්නට යන බවත් වාර්තා විය.