amba-sana-murder

පෑලියගොඩ මැනිං වෙළඳපළේ පළතුරු සංගමයේ සභාපති සමන්ත ප්‍රදිප් කුමාර හෙවත් අඹ සානා පසුගියදා වෙඩි තබා ඝාතනය කර තිබුනේ අඹ සානා  සිය පළතුරු වෙළඳසැල ඉදිරිපිට නවතා තිබූ සිය මෝටර් රථයට නැගීම සඳහා පැමිණි අවස්ථාවේ අසල නවතා තිබූ වෙනත් සුදු පැහැති මෝටර් රථයකින් බැස පැමිණි පුද්ගලයෙකු වෙඩි ප්‍රහාරයකිනි.
ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර මුළු වෙළෙද සංකීර්ණයම භීතියට පත්කර ඔවුන් පළාගොස් තිබුණි.මෙම ප්‍රහාරයෙන් ඝාතනයට ලක්ව ඇත්තේ කොළඹ කෙසෙල්වත්තේ පදිංචිකරුවකු වන 42 හැවිරිදි සමන්ත ප්‍රදීප්ය. ඔහුව
‘අඹසානා‘ ‘කෙසෙල්වත්තේ චානා‘ ‘තඩි චානා‘  වැනි නම් වලින්ද හඳුන්වන බව පොලිසිය පවසයි.



මෝටර් රථයකින් පැමිණ ඇති පාතාල කණ්ඩායම සමන්ත ප්‍රදීප්ට අයත් වෙළෙඳසල අසල එය නතර කරගෙන ටිකවේලාවක් සිට ඇති අතර සමන්ත ප්‍රදීප්  පලතුරු පෙට්ටි කීපයක් වෙනත් මෝටර් රථයකට පැටවීමට පැමිණි අවස්ථාවේ පාතාල කල්ලියේ එක් සාමාජිකයකු මෝටර් රථයෙන් බැස ටී 56 අවියකින් ඔහුට වෙඩි ප්‍රහාර එල්ල කර තිබේ.

විමර්ශන කරන නිලධාරීන්ට ආරංචිවී ඇත්තේ බටුවත්තේ චූලා නමැති පාතාල මැරයා සහ සමන්ත ප්‍රදීප් අතර කාලයක පටන් ආරවුලක් පැවැති බවයි.

සමන්ත ප්‍රදීප්, කෙසෙල්වත්තේ දිනුක නමැති පාතාල මැරයාට එරෙහිව සිටි කණ්ඩායමේ සාමාජිකයකු වන අතර මීට වසර කීපයකට පෙර ද මොහු ප්‍රහාරයකට ලක්ව අනූනවයෙන් දිවි ගලවාගෙන තිබිණි‍

 'අඹ සානා' ඝාතනය කිරීමට පැමිණි මෝටර් රථය මැනිං වෙළෙඳපොළේ ආරක්ෂාව සම්බන්ධයෙන් භාරව සිටින අයකුගේ නිවෙසක
ප්‍රහාරයට පෙර පැයකට වැඩි කාලයක් තිබී ඇතැයි පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබේ.

ඒ සම්බන්ධයෙන් හමුදාවේ හිටපු නිලධාරියකු බව කියන එම පුද්ගලයාගෙන් පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න
කරමින් ඇතැයි පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය. වෙඩික්කරු සමඟ මෝටර් රථය පදවාගෙන පැමිණියේ යැයි කියන පුද්ගලයකු ද පොලිසිය මේ වන විට හඳුනාගෙන ඇති බව පැවසේ.
එම මෝටර් රථය කුලියට ගත් එකක් බවත්, එම රථය කුලියට ගෙන ඇත්තේ වෙඩික්කරු රැගෙන පැමිණියේ යැයි කියන පුද්ගලයා විසින් බව ද අනාවරණය වී තිබේ.


ඔහු කොළඹට නුදුරු ප්‍රදේශයක පදිංචිකරුවෙක් වන අතර, මැනිං වෙළෙඳපොළට නිතර යන එන අයෙකු බව හඳුනාගෙන තිබේ.
මැනිං වෙළෙඳපොළේ පැවති උත්සවයකදී එම පුද්ගලයා ඝාතනය වූ අඹ සානාගේ ළඟින්ම සිටින අයුරු දැක්වෙන ආරක්ෂක කැමරා දර්ශනයක් ද මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන නිලධාරීන්ට ලැබී ඇති බව පැවසේ.
මේ වන විට එම පුද්ගලයා සැඟවී සිටින අතර, සැකකරු මුස්ලිම් ජාතිකයෙකි. ඔහු විවාහකයෙකු වන අතර, බිරිය සහ දරුවන්ව අතහැර ජීවත්වන බව ඔහුගේ මවගෙන් පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත.
අඹ සානාට වෙඩි තැබීමෙන් පසුව මෝටර් රථය කඩවත පිහිටි ඇවිදින මංතීරුවක් ආසන්නයේ දමාගොස් තිබියදී
පෙරේදා (21) සවස හමුවී තිබිණි.
ඇඟිලි සලකුණු අංශයේ නිලධාරීන් එහි පැමිණ මෝටර් රථයේ සටහන්ව තිබුණු ඇඟිලි සලකුණු කිහිපයක් ද සොයා
ගෙන ඇතැයි පැවසේ.
එම ඇඟිලි සලකුණු මෝටර් රථයේ පැමිණි අපරාධකරුවන්ගේ යැයි පොලිසිය සැක කරයි.
මේ වාහනයේ ලියාපදිංචි හිමිකරු කැලණිය පල්ලිය පාරේ පදිංචිකරුවකු බව මේවන විට හෙළිව තිබේ.
ඔහු එය වසර දෙකක කාලයක් තිස්සේ වාහන කුලී ආයතනයකට ලබාදී තිබී ඇති බවද පැවසේ.
එම මෝටර් රථයේ ජී.පී.එස්. උපකරණයක් සවිකර තිබීම හේතුවෙන් පොලිසියට ඝාතකයන් හඹා යෑමට පහසුවක් වී තිබෙන බව ද පොලිස් තොරතුරු අනාවරණය කළේය.
ඒ අනුව ඝාතකයන් ආගිය තැන් ගැන බොහෝ තොරතුරු අනාවරණය වෙමින් ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.