indian-sri-lanka-two-women
අක්කරපත්තුව කාන්තාවක හමුවීම සඳහා පැමිණි ඉන්දීය ජාතික තරුණිය සහ අක්කරපත්තුව කාන්තාව ඊයේ අක්කරපත්තුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (27) ඉදිරිපත් කළ අවස්ථාවේ ඉන්දීය ජාතික තරුණිය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට  බාරදීමට අක්කරපත්තුව මහේස්ත්‍රාත් එම්. එච්.එම්. හංසා මහතා නියෝග කළේය. ඒ අනුව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ මහතාට එම තරුණිය භාර දුන්නේය.


අක්කරපත්තුව පදිංචි 33 හැවිරිදි කාන්තාව තම සැමියා සමග යෑමට අකැමැත්ත ප්‍රකාශ කළ අතර ඇය සහ ඇයගේ දරුවා මඩකලපුව පරිවාස කාර්යාලයට යොමු කරන ලෙසට අක්කරපත්තුව මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේය.

ඉන්දියාවේ  සිටි පැමිණි තරුණිය සහ අක්කරපත්තුව ප්‍රදේශයේ කාන්තාව අන්තර්ජාලය හරහා හමුවී මිතුරියන් බවට පත්ව ඇති අතර පසුව ඉන්දීය ජාතික කාන්තාව තම මිතුරිය බැලීම සඳහා ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට විත්  අක්කරපත්තුව නිවසට පැමිණ ඇතැයි අධිකරණයේ දී හෙළි විය. දින කිහිපයක් අක්කරපත්තුව නිවසේ රැඳී සිටි මෙම කාන්තාවන් දෙදෙනාගේ හැසීරීම පිළිබඳව සැක සිතු අක්කරපත්තුව කාන්තාවගේ පියා මේ පිළිබඳව අක්කරපත්තුව පොලීසියට පැමිණිලි කර තිබූ බව අධිකරණයේ දී වාර්තා  විය.



අක්කරපත්තුව පොලීසිය මෙම කාන්තාවන් දෙදෙනා අක්කරපත්තුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මොවුන් දෙදෙනා කල්මුනේ රෝහලේ මානසික වෛද්‍යවරයාට යොමුකර නැවත ඊයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අක්කරපත්තුව මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කර තිබිණි. ඒ අනුව ඊයේ (27) අධිකරණයට ඉදිරිපත් කළ කාන්තාවන් දෙදෙනාට ඉහත නියෝගය දීමට අක්කරපත්තුව මහේස්ත්‍රාත්වරයා කටයුතු කළේය.

සිද්ධියට අදාළ පෙර වාර්තාව
සමරිසි ඇසුරක් පැවැත්වූ මෙරට එක්දරු මව හා ඉන්දීය තරුණිය මානසික වෛද්‍යවරයකු වෙතට