
අගලවත්ත ඉන්ධන පිරවුම්හලන් ඉන්ධන ලබා ගැනීමට පැමිණ පෝලිමේ රැඳී සිටි 56 හැවිරිදි අයකුගේ ඇඟ මතට ටිපර් රථයක් පෙරළීමෙන් ඔහු එතැනම මියගොස් ඇතැයි අගලවත්ත පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ බෝධියගොඩැල්ල කඹුරාවල බදුරලිය යන ලිපිනයේ පදිංචි ඉද්දගොඩ හේවාගේ ජයලත් නමැති 56 හැවිරිදි දෙදරු පියෙකි. මියගිය තැනැත්තා යතුරුපැදියට ඉන්ධන ලබා ගැනීම සඳහා අගලවත්ත ඉන්ධනහලට පැමිණ අගලවත්ත බදුරලිය මාර්ගයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල ඇති ඉන්ධන පෝලිමේ රැදී සිටියදී යම් අවශ්‍යතාවක් සඳහා මාර්ගයේ අනෙක් පැත්තට මාරු වී ඇතැයි පොලිසිය පවසයි.
එසේ මාරු වී මාර්ගයේ රැඳී සිටියදී බදුරලිය ප්‍රදේශයේ සිට අගලවත්ත ප්‍රදේශයට පැමිණ ඇති ටිපර් රථයක් මේ ස්ථානයේ නතර කිරීමට යාමේදී ඔහුගේ ඇඟ මතට පෙරලීමෙන් ඔහු තුවාල ලබා මතුගම වෑත්තෑව රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව පොලිසිය කීය.
Comments
Post a Comment
Your comment will be visible after approval