21-amendmend-supreme-court

අද (21) පාර්ලිමේන්තු සභාවාරය ආරම්භයේදී කතානායකවරයා පාර්ලිමේන්තුවට දන්වා සිටියේ 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කළ විමසීම අනුව වගන්ති 19 ක් ව්‍යවස්ථාවට පටහැණි බව දන්වා ඇති බවත් එම සංශෝධන 19 හැර අනෙක්වාට අනුමැතිය ලැබී ඇති බවත්ය.

අදාළ වගන්ති 19 සංශෝධනයට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ 2/3 සම්මතය මෙන්ම ජනමත විචාරණ ඡන්දයක් පවත්වා අනුමැතිය ලබාගත යුතු බවත්ය.


මෙලෙස අසීරු මට්ටමට පත්කර ඇති ව්‍යවස්ථා සංශෝධන වගන්ති ලෙස 2,3,4,5,6,7,8,9,10,11,12,13,15,23,24,26,27,28 හා 36 යන වගන්ති සඳහන් කර ඇතැයි කථානායකවරයා පැවසීය.
නව සංශෝධනය අනුව ශ්‍රේෂ්ඨාධිකරණය අපහසු කර ඇති වගන්ති සියල්ල ජනපතිවරයාගේ විධායක බලතල අහිමි කරවන හා පාර්ලිමේන්තුවට හෝ අගමැතිට බලය පවරන යෝජනා වන අතර මෙවැනි සංශෝධන පනතක් ගෙන ඒමෙන් අපේක්ෂා කළ දේවල් ඒ අනුව ඉටුවන්නේ නැත.


මේ අනුව 21 වන සංශෝධනය කළ හැකි ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පහසු කර ඇත්තේ කොමිෂන් සභා ගෙන ඒම ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රීධූර අහිමිකිරීම ඇතුළු යෝජනා කිහිපයක් පමණි.
දේශපාලන වෙනසක් ඉල්ලා සිටි ගෝඨාගෝගම අරගලකරුවන්ගේ හඩට කන්දී විධායක ජනපති ධූරය අහෝසි කරවන අදහසින් ගෙන ආ 21 වන සංශෝධනයට ජනපති, බැසිල් ඇතුළු පාර්ශ්ව මෙන්ම විමල් ඇතුළු කණ්ඩායමද එතරම් කැමැත්තක් දැක්වූයේ නැති අතර එය මේ අනුව ශ්‍රේෂ්ඨාධීකරණයෙන්ද අපහසු කර තිබේ.

 කෙසේ වෙතත් ජනමත විචාරණයකින් තොරව මෙම ඇතැම් යෝජනා යහපාලන රජය යටතේ 19 වන සංශෝධනය මගින් ස්ථාපිත කර තිබුණි.
යෝජිත 21 වන ව්‍යවස්ථා සංශෝධනය පහතින් බලන්න



යෝජිත 21 වන ව්‍යවස්ථා සංශෝධනය පහතින්