wimal-weerawansa-duka-thada-karan

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ උත්සව අවස්ථාවල ගායනා කරන ප්‍රකට ගීතයක් වන්නේ සේනානායක වේරලියැද්ද ගායනා කරන  ‘දුක තද කරන් මහමෙර තරම් මට ඉන්න බෑ ඔබ නැතිව නම්‘ ගීතයයි.
මේ සමග ඔහු එම ගීතය ගැයූ වීඩියෝවක් පළවේ.
එම ගීතයේ පදවැල පහතින්

දුක තද කරන් මහමෙර තරම් මට ඉන්න බෑ ඔබ නැතිව නම්
අපි හමු වුනත් ඉඳහිට යළිත් එක් වෙන්න බෑ කවදාකවත්
නිතර වැටෙනා කඳුළට ඉතින් කතා කරගන්න පුලුවන් නම්
කියයි හඬගා ලොවට මතු දා - ඔබට මම ආදරේ කියලා

විටෙක ළං වෙලා විටෙක වෙන් වෙලා ගෙවෙන අපේ ආදරේ
කෙළවරක් සොයා තවම තැවෙනවා මැරී මැරී ජීවිතේ
කොහොම පිළිගන්නේ මම නම් ඔබේ දෑත අහිමියි කියා

නොනිද රෑ පුරා දෙතැනකට වෙලා හිමි අපේ ඉරණමේ
දැනෙන වේදනා වචනයෙන් කියාගන්න බෑ පණ මගේ
නොදක හිනැහෙන්නේ කොහොමැයි කියා දෙන්න ඇවිදින් සොයා

දුක තද කරන් මහමෙර තරම් මට ඉන්න බෑ ඔබ නැතිව නම්
අපි හමු වුනත් ඉඳහිට යළිත් එක් වෙන්න බෑ කවදාකවත්