vladimir-putin-sick-the-speculation-around-the-russian-presidents-health

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් තාවකාලිකව එරට ආරක්ෂක කවුන්සිලයේ ලේකම් Nikolai Patrushev වෙත සිය බලය පවරා ඇති බවත් පිළිකා සැත්කමකට භාජනය විය හැකි බවත් අමෙරිකාවේ New York Post විසින් තහවුරු නොකළ වාර්තාවකින් ප්‍රකාශ කර තිබේ.
පුටින්ට ශල්‍යකර්මයකට භාජනය විය යුතු බව වෛද්‍යවරුන් විසින් පවසා ඇති බව වාර්තා වන අතර, හිටපු රුසියානු විදේශ බුද්ධි සේවයේ ලුතිනන් ජෙනරාල්වරයෙකු විසින් පවත්වාගෙන යනු ලබන බව කියන ටෙලිග්‍රාම් නාලිකාවක් උපුටා දක්වමින් නිව් යෝර්ක් පෝස්ට් මෙය වාර්තා කරයි.



අපේක්ෂිත ශල්‍යකර්ම සහ ප්‍රකෘතිමත් වීම පුටින් “කෙටි කාලයකට” අකර්මණ්‍ය කරනු ඇතැයි අපේක්ෂා කරන බව වාර්තාව පවසයි.

මෑත කාලයේ පුටින්ගේ "අසනීප පෙනුම සහ ප්‍රසිද්ධියේ අසාමාන්‍ය චංචල හැසිරීම" ගැන සඳහන් කරමින් නිව් යෝර්ක් පෝස්ට් වාර්තාව පැවසුවේ රුසියානු ජනාධිපතිවරයා පිළිකාවකින් සහ පාකින්සන් රෝගය ඇතුළු තවත් බරපතල රෝග රාශියකින් පෙළෙන බවට කටකතා පැතිරී ඇති බවයි.

කෙසේ වෙතත්, එක්සත් ජනපද නිලධාරියෙකු පැවසුවේ පෙන්ටගනයේ ප්‍රකාශක ජෝන් කර්බි  කීවේ මාධ්‍ය වාර්තා සත්‍යාපනය කළ නොහැකි බවය.
මීට දින කිහිපයකට පෙර, පුටින් නිකොලායි පැට්රුෂෙව් සමඟ පැය දෙකක සංවේදී සංවාදයක් පැවැත්වූ බව නිව්යෝර්ක් පෝස්ට් වාර්තාව ටෙලිග්‍රාම් සටහනක් උපුටා දක්වමින් පවසන අතර  ඔහුගේ සෞඛ්‍යය නරක අතට හැරුනහොත්, රටෙහි සැබෑ පාලනය තාවකාලිකව පැට්රුෂෙව්ගේ අතට පත් වන බවට ජනාධිපතිවරයා පොරොන්දු වි ඇතැයිද දන්වා තිබේ.