vishwa-lanka-speaks

සමාජ මාධ්‍ය වෙත විඩියෝවක් මුදාහරිමින් රංගන ශිල්පි විශ්ව ලංකා අලි සබ්‍රි ඇමතිවරයා සැපයූ කරුණු ඇසුරින් ජනපතිවරයා අමතමින් මෙලෙස සිය අදහස් ප්‍රකාශ කර සිටියා.



"ආයුබෝවන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමනි , මම විශ්ව ලංකා.මේ රටේ සමාන්‍ය පුරවැසියෙක්. මේ වෙද්දී අපි ගෝල්ෆෙස් එකේ අරගලයක් කරනවා. රටපුරා හැමතැනම අරගල සිදුවනවා..මෙකේ සටන් පඨය වෙලා තියෙන්නේ Gota go home. Gota  කියන්නේ ඔබතුමා go කියන්නේ යන්න  home කියන්නේ ගෙදර.මෙච්චර මිනිස්සු පාරට බැහැලා ඉල්ලීම් කරනකොට ඔබතුමා තාමත් ජනාධිපති පුටුව බදාගෙන ඉන්නවා.මේ අරගලය නිර්මාණය වෙන්නේ කොහොමද? අලී සබ්‍රි ඇමතිවරයා කියන විදියට නිදහසෙන් පස්සේ අපේ රට වැටෙන්න තියන උපරිම තැනට වැටිලා ඉවරයි.

එකට වගකියන්න ඔනේ දේශපාලඥයින්.වැඩි කොටසට චෝදනා වෙන්නේ ඔබට. ඔබතුමා ගත්ත හිතුවක්කාර, උද්දච්ඡ තීරණ නිසා තමයි අද රටක් විදියට මේ තත්ත්වයට ඇඳ වැටිලා ඉන්නේ. ජනාධිපතිතුමනි, ඉන්ධන පෝලිම් වල මැරුණු මිනිස්සු ගණන 9කට වැඩියි. ගෑස් පුපුරලා මිනිස්සු මැරුණා. දැන් බෙහෙත් නැතුව මිනිස්සු මැරෙනවා.රටේ සම්පත් විකිණෙනවා.රටේ මූලික අවශ්‍යතා ටික මිනිස්සුන්ට ඔබතුමාට දෙන්න බැරි නම් ඔබේ ජනාධිපතිකමෙන් ඇති ඵලේ මොකද්ද? ඔබතුමාට ඔය පුටුව බදන් ඉන්න තාමත් සදාචාරාත්මක අයිතියක් තිබෙනවද? මේ අර්බුද සියල්ල නිර්මාණ කලේ ඔබතුමා...කෝ ඔබතුමාගේ සදාචාරය??"