umandawa-johnston

පිටිදූවේ සිරිධම්ම නොහොත් සිරි සමන්තභද්‍ර  ස්වාමින්වහන්සේට අයත් මැල්සිරිපුර උමංදාව විහාරය හා ආශ්‍රිත බිමේ හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ දිනවල සැඟවී සිටිනබවට ආරංචියක් පැතිර ගොස් තිබේ.


පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම සමග සමීප සම්බන්ධතා පැවැත්වූ මෙම හිමි නම සිය හිතවතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති බවට පවතින සැකය නිසා මෙම කතාව ශිඝ්‍රයෙන් ව්‍යාප්ත විය.
මේ සැකය හේතුවෙන් ස්වාමීන් වහන්සේ නමක ඇතුළු ප්‍රදේශවාසී පිරිසක් ඒ අවට විරෝධතාවක් දක්වා තිබුණි.
ඒ අතරවාරයේ හිරු ටීවී නාලිකාවේ ප්‍රවෘත්ති අංගයකින් පන්නුම් කළේ, උමංදාවට පිට අයට ඇතුළුවීම නතර කර ඇති අයුරු හා කිසිවෙකු තාප්පයෙන් පනිවි යයි  තාප්පයේ කම්බි ඇද විදුලි සැර සම්බන්ධ කර ඇති බවයි. විහාරස්ථානයක ආරක්ෂාවට තාප්පයේ විදුලි සැර ඇදීම යනු අසාමාන්‍ය මෙන්ම භයානක පියවරකි.

වීඩියෝ සාක්ෂි සහිතව ඇණ ගසා කම්බි ඇද ඇති අයුරුත් එම කම්බි වලට විදුලි වයරයක් සවිකර ඇතිහැටිත් එම වාර්තාවෙන් පෙන්වා තිබුණි.
අනතුරුව වාර්තාවූයේ විරෝධතාවේ  ස්වාමීන් වහන්සේ නම ඇතුළු ප්‍රදේශවාසී පිරිස විහාරස්ථානයට ගෙන්වා ඇති උමංදාවේ භාරකාර හිමිනමක ඒ අයට ඇතුළත සියලු ස්ථාන දර්ශනය කරවා සැකය දුරු කරන්නට කටයුතු සැලැස්වූ බවකි.
සමන්තභද්‍ර ආශ්‍රමය පළ කළ වීඩියෝවක් ඔස්සේ අදාළ භාරකාර හිමියන් මේ ගැන පැහැදිලි කරමින් විස්තරයක්ද ඊයේ කර තිබුණි. එහිදී  උන් වහන්සේ පවසන්නේ වෙසක් සැරසිලි පිණිස කම්බි ඇද තිබෙන බවත් ඇතුළත කිසිවෙකු නැති බවත්ය.

මැල්සිරිපුර උමංදා විහාරස්ථානයේ තාප්පයට විදුලිය යොදා ආරක්ෂාව  සලසා ඇතැයි කියන වාර්තාව වීඩියෝව





උමංදාව අවට ඇතිවූ කලබලය වීඩියෝව




උමංදාවේ භාරකාර හිමිගේ ප්‍රකාශය වීඩියෝව