
ඊයේ 20 වන දින අළුයම් කාලයේදි කඩුවෙල පොලිස් වසමේ කඩුවෙල මාලඹේ මාර්ගයේ පිට්ටුගල හන්දිය ආසන්නයේ මාර්ගය අයිනේ කාණුවකට වැටී ඇති මෝටර් රථයක පුද්ගලයකු තුවාල සහිතව සිටින බවට කඩුවෙල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මෝටර් රථයේ රියදුරු තුවාල ලබා සිටියදී මුල්ලේරියාව රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවට වෛද්‍යවරයා තහවුරු කර ඇත.
මියගිය අය වයස අවුරුදු 49 ක් වන වැලිවිට, කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය හඳුනාගෙන ඇත.
ඔහුගේ හිසේ සහ මුහුණේ තුවාල සහිත බැවින් මෙම මරණය රිය අනතුරකින් සිදුවූවක්ද නැතහොත් යම් අපරාධයක්ද යන්න සම්බන්ධයෙන් නිශ්චිතව කරුණු අනාවරණය නොවන බැවින් මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර ස්ථානීය පරීක්ෂණයක් සහ මෘත ශරීරය සම්බන්ධව මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර ඇත.
මෘත ශරිරය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මුල්ලේරියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. කඩුවෙල පොලිස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
Comments
Post a Comment
Your comment will be visible after approval