sjb-decition

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජාතික අර්බුදය විසඳීම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනා මාලාව මත පදනම්ව දැනට රට තුළ උද්ගතව ඇති අර්බුදය විසඳීම සඳහා වූ ජාතික වැඩසටහනක් සඳහා සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය සිය සහයෝගය ලබා දීමට තීරණය කළ බව සමගි ජනබලවේගය නිවේදනය කරයි.



වර්තමාන ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් වීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් යෝජනා කර ඇති විධායක ජනාධිපතිපති ක්‍රමය අහෝසි කිරීමේ වැඩපිළිවෙල  පවතින ජාතික අර්බුදය විසඳීම සඳහා වන මූලික අවශ්‍යතාවක් ලෙස සමගි ජනබලවේගය සලකන බවද මෙම නිවේදනයෙන් දැක්වෙයි.
අද සවස සජබ පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ ගැන පැහැදිලි කිරීමක් කර තිබේ.
අපිට විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමට අවශ්‍යයි.

රට සකසක වැඩ පිලිවෙලක් භාරගන්න අපි ලෑස්තියි.හෙට නීතීඥ සංගමය වෙත ගොස් ඉදිරි කටයුතු අපි කරනවා යයි මේ ගැන පැහැදිලි කළ නීතීඥ අජිත් පී පෙරේරා දන්වා සිටියේය.
අදාළ මාධ්‍ය හමුව පහතින්