අපි දැක්කා අගමැතිතුමා රුවන්වැලිසෑය සහ අනුරාධපුර වන්දනාමාන කරගෙන සැලසුම් සහගතව විශාල රඟපෑමකට ලෑස්ති වෙනවා. රට විශාල අර්බුදයක් තියෙද්දි පහුගිය කාලේ පුරාවටම අපි දැක්කේ මේ රටේ ජනාධිපති ඉතාම නිහඬව මුනිවත රකිමින් කාලය ගත කළා. ඒ අතරේ අපි දකිනවා රටේ අනෙකුත් බලවේග නොයෙක් බලවේග සද්භාවයෙන් වර්තමාන තත්ත්වයට මුහුණ දෙන්න උත්සාහ කළා.

හැබැයි පුද්ගලිකව දේශපාලන අත්දැකීම් මත හැඟීමක් තිබුණා මේ රාජපක්ෂ කඳවුර කවදාවත් ඒගොල්ලොන්ගෙ සදාකාලිකවම කරගෙන ආපු දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්නෙත් නෑ.

ඒගොල්ලො කවදාවත් අලුත් ගමනක් යන්න අලුත් න්‍යාය පත්‍රයක් වැඩ කරන්න ජනතාව වෙනුවෙන් සද්භාවයෙන් යමක් කරන්න පුරුදු පුහුණු කට්ටිය නෙවෙයි වග අපි දැනගෙන හිටියා. එතකොට මේ අවස්ථාවේ දී රටේ නොයෙක් නොයෙක් අය නොයෙක් නොයෙක් යෝජනා ගෙනාවත් මෙහෙම කරමු අන්තර්පාලන හදමු ඒගොල්ලො ඒගොල්ලොගේ න්‍යාය පත්‍රයේ දිගටම හිටියා පුරුදු පරිදි දුෂිත දේශපාලන සංස්කෘතියේ ඉඳගෙන මැර සංස්කෘතිය ක්‍රියාවට යොදවමින් ඒගොල්ලො පුරුදු පරිදි රට හොරා කමින් යන ගමන යන්න තමයි දිගටම බලාගෙන හිටියේ. එතකොට මේකේ සීමාව පැනලා ගියා.

අන්තිමට මේගොල්ලොන්ට බලලා මල්ලෙන් එලියට පැන්නා. මේගොල්ලෝ ඇත්තටම කවුද කියලා අද මේ වෙනකොට දැනගත්තා. ඒගොල්ලො සුපුරුදු පරිදි ජනතාව මර්දනය කරමින් ජනතාවට බොරු කියමින් රට සූරා කමින් කොමිස් ව්‍යාපෘතියට අදාළ යම් යම් රටවල් සමඟ මැරයන් සමග දේශපාලන කිරීම ජනතාව මර්දනය කිරීම ජනතා හඬ නිහඬ කිරීම කියන එක. අද මේක මෙයාලා ක්‍රියාවෙන් පෙන්නුවා ගාලු මුවදොර ගෝඨාගෝ ගමේ දී.



මෙතනදි මේ පහරදීම ආරම්භ වුණේ ඉස්සෙල්ලම අපි දන්නවා ශ්‍රී මහා බෝධියට වැඳ ලා ඇවිල්ලා රුවන් වැලිසෑයට වැඳලා ඇවිල්ලා ඊළඟට මේගොල්ලෝ මැරයෝ බස් ගණන් දහදාහක් පමණ ගෙන්නලා අරලියගහ මන්දිරයට අරක්කු පොවල කන්න බොන්න දීලා මැරයන්ට ආශිර්වාදය කරලා ඉස්සෙල්ලම අරලියගහ මන්දිරේ ඉදිරියෙන් පටන් ගත්තා ප්‍රහාරය. ඒ ප්‍රහාරය යනකොට මුළු රටම ඒක ගැන දැනගත්තා. මුළු උදේ වරුවක් ගියා හොඳට වෙලා තිබ්බා ඒක වළක්වන්න ගතයුතු ක්‍රියාමාර්ග ගන්න ආරක්ෂක අංශ වලට පොලිසියට මැදිහත් වෙන්න නම් අවශ්‍ය උපදෙස් දෙන්න ජනාධිපති හිටියේ ගෝඨාගොගමට වඩා මීටර් දෙසියක් එහායින්. අවශ්‍ය පියවර ගන්න සම්පූර්ණ වෙලාව සහ හැකියාව තිබුණා. අවශ්‍ය සම්පත් ඒගොල්ලොත් එක්ක තියෙනවා.

නමුත් ඒ කිසිවක් පාවිච්චි නොකර මේගොල්ලෝ ඒගොල්ලො සැලැස්මේ අවසන් අදියර ක්‍රියාවට යනකන් නිහඬව බලා සිටියා. ඒකෙන් මම දකිනවා සැඟවී ආපු ආශිර්වාදයක් ආවා. රාජපක්ෂවරු මැරයෝ වෙනස් වෙන්නේ නැහැ ජාත්‍යන්තරය හමුවේ බොරුවට සිල් ගත්තා වගේ හිටියට. මේගොල්ලෝ එකම න්‍යාය පත්‍රයේ ඉන්නා බව අද මුළු ලෝකයටම රටටමයි මේගොල්ලෝ අඬගහලා කිව්වා. එතකොට යම් යම් අයට අපේ තරුණයන්ට ,දූ දරුවන්ට ප්‍රහාර  එල්ල වුණත්, ශාරීරික හානි සිද්ධ වුණත් අවසාන ප්‍රතිඵලය මේකෙ මම දකින්නේ සැඟවී  ආපු ආශිර්වාදයක් හැටියට. මේ වෙනකොට මුළු රටම එක පෙළට  හිටගෙන ඉන්නවා මේ මැර ප්‍රහාරයට විරුද්ධව.

මුළු රටේම මොළේ කළඳක් හරි තියෙන දේශපාලඥයෙක් ඉන්නවනම් මේ වෙනකොට තෝරා ගැනීමට හැකි පරිසරයක් හැදිලා තියෙනවා මේ ගොල්ලොත් එක්ක ගනුදෙනු කරලා වැඩක් නැහැ, සාකච්ඡා කරලා වැඩක් නැහැ මේගොල්ලෝ කට්ටිය බෙදෙනවා, කැඩුනා, දෙකට කැඩුවා ,තුනට කැඩුවා  කිව්වට ඒවා විශ්වාස කරල වැඩක් නැහැ. මේ ගොල්ලොත් එක්ක අන්තර් පාලන පිහිටුවල වැඩක් නෑ. එහෙමනං අපි විපක්ෂය හැටියට කරන්න ඕනේ අනිවාර්යෙන්ම අපේ එකමුතුබාවය රැකගෙන අපි මේගොල්ලන්ට මුහුණ දෙන්න ඕනේ.



අපිට තියෙන යම්කිසි ප්‍රමාණයක ශක්තියක් තියෙනවා නම් ඒකෙන් ගොඩනැගිලා අපි ඉදිරි ගමනක් යන්න ඕනේ. අපි අනිවාර්යෙන්ම මේ රටේ ඉන්න නීතියට ගරු කරන සාමයට ගරු කරන සියලුම දෙනාගෙන් ඉතා ගෞරවයෙන් අභිමානයෙන් ඉල්ලා සිටිනවා මේකට විරුද්ධව නැගී සිටින්න කියලා.තමුන්නාන්සේලාගේ ගම් වලින් පටන් ගන්න. මේකට ආශිර්වාද මේ මැර ප්‍රහාරයට ආශිර්වාද කරපු පළාත් මට්ටමේ, ප්‍රාදේශීය මට්ටමේ සියලුම දේශපාලනඥයින්ට විරුද්ධව තමුන්නාන්සේලා පෙළ හැදෙන්න.

මෙ මැරයින්ට නීතියෙන් පමණක් පාඩම් උගන්නන්න අමාරුයි. මේ මැරයින්ට ජනතාව පෙළ ගැහිලා මොවුන්ට විරුද්ධව මේ මැර ප්‍රහාරය මැඩලීම සඳහා ජනතා මට්ටමින් කළ හැකි හැම දෙයක්ම කරන්න ඕනේ. අපි ජනතාවට ආශිර්වාද කරනවා නමුත් පොලිස්පතිතුමා ඉතාම දුර්වල පුද්ගලයෙක් බව මේ වෙද්දි ඔප්පු වුනා.ඔහු නිහඬව හිටියා මම දන්නවා විපක්ෂ නායකතුමා පැයක් පමණ උත්සාහ කළා ඔහුට දුරකථනයෙන් අමතන්න. ඔහු දුරකථනයටවත් ආන්සර් කරන්නෙ නැති උත්තර දෙන්නෙ නැති පොලිස්පතියෙක් ඉන්නවා රටක. ඒ මිනිහා මම දකින්නේ police costable කෙනෙක්වත් වෙන්න සුදුසු නැති මිනිහෙක් හැටියට.අනිවාර්යෙන්ම මේකට මේ රජය සැලැස්මක් ඇතුව උඩ ඉඳලා පල්ලෙහාට ජනපති-අගමැති සියලුදෙනාම කැබිනට්ටුව ඒකරාශී වෙලා කරපු සැලැස්මක් මේක.

මේ සැලැස්මේ අවසාන ප්‍රතිඵලය අපි දැක්කා ජනතාවගෙන් අපි අභිමානයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේකට විරුද්ධව නැගිටින්න දැනටමත් නැගිටිනවා අපිට පේනවා. ජාතික රෝහලේ ඉස්සරහ නැගිටලා ඉන්න කට්ටිය ,පාරවල් දිගේ ඉන්නවා. නීතියට ගරු කරන්නේ නැති සාමයට ගරු කරන්නේ නැති ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන්නේ නැති මැරයින්ට මේ රටේ ජනතාව ඒ පාඩම උගන්වන්න ඕන කියලයි මම හිතන්නේ. ඉතිං අරගලයකට සියලු දෙනාට ජය වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.