ගාලුමුවදොර සාමකාමී මහජන අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, මිලාන් ජයතිලක සහ ඩෑන් ප්‍රියසාද් ඇතුළු සැකකරුවන් පිරිසක් අද (25) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට හමුවට

ඉදිරිපත් කරන ලද අතර එම අවස්ථාවේ අරගල භූමියේ සිට පැමිනි විරෝධතාකරුවන් එතැන සිට විරෝධයක් එල්ල කිරීමේදී උණුසුම් තත්වයක් පැනනැගී ඇත.


සනත් නිශාන්තගේ සහ නාමල්ගේ මැරයින් පොලිස් ආරක්ශාව සහිතව උසාවි භූමීයේ ඉන්නවා යැයි අරගලකරුවන්ගෙන් චෝදනා කර තිබුනේ එම විරෝධතාවන් කඩාකප්පල් කිරීමට කිහිපදෙනෙකු උත්සාහ දැරීම නිසාය.
පොලිසිය අධිකරණ භූමියට යන්නට කිසිවෙකුට අවසර දුන්නේනැති නමුත් ඇතැමුන් පෙරට්ටුවට කැඳවබූ සාක්ෂි කරුවන් යයි කියමින් යන්නට හැදූ අවස්ථාවක්ද පොලිසිය මැදිහත්වී වළක්වා තිබුණි. කොටුව උසාවිය ඉදිරිපිට උණුසුම් තත්වය වීඩියෝව පහතින්