
10 pm
අත්අඩංගුවට පත් රතිඳු සුරම්‍ය සේනාරත්න හෙවත් 'රැට්ටා' කොටුව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කෙරුණ අතර පසුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත ඔහු නිදහස් කර තිබේ.
6pm
රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා ප්‍රකාශය ලබාදීමෙන් පසු කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙයි.
3pm
පසුගියදා සනත් නිශාන්ත ප්‍රමුඛ පිරිසක් කොටුව මහේස්ත්‍රාත් උසාවියේ හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කරන්නට රැගෙන ආ අවස්ථාවේ උසාවිය ඉදිරිපිට සිදු කළ විරෝධතාවක් හේතුවෙන් අරගල භූමියේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන රතිඳු සුරම්‍ය සේනාරත්න හෙවත් 'රැට්ටා' ට අද (30)
හවස 3ට කොප්පඤ්ඤවීදිය පොලිසියේ පෙනී සිටින ලෙස දැනුම් දීමක් සිදු කර තිබේ.
ඔහු කන්ඩායමක්සමග අධිකරණ කටයුතු වලට බලපෑම් කරමින් පිටත කලබල ඇති කිරීම චෝදනාවයි.
ගාලුමුවදොර අරගල භූමිය නියෝජනය කරමින් විවිධ රූපවාහිනී වැඩසටහන්වල සම්මුඛ සාකච්ඡාවලටද නිල නියෝජිතයෙකු ලෙස සම්බන්ධවූයේ රැට්ටා වන අතර ඔහු පසුගිය කාලයේ සිය යූටියුබ් වැඩ තාවකාලිකව කැප කර මෙම අරගලයේ සහයට පැමිණි බවටද ප්‍රකාශ කර තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval