
බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සමග ශ්‍රී ලංකාවේ උද්ගතව ඇති තත්වය සාකච්චා කළ බව අගමැති රනිල් වික්‍රමසිංහ සඳහන් කර තිබේ. ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසා ඇත්තේ
දේශගුණික විපර්යාස මැඬලීමට සහ අපනයනය ඉලක්ක කරගත් විවෘත ආර්ථිකයක් බවට පත්වීමට ශ්‍රී ලංකාව සහාය දෙන බව බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ප්‍රතිඥා දුන් බවයි.
රනිල් ගේ සටහන මෙසේය.
‘@BorisJohnson සමඟ පැවති සාකච්ඡාවකදී අද ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව මම ඔහුට විස්තර කළෙමි. විශේෂයෙන්ම දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ ක්‍ෂේත්‍රවලදී සහ අපනයනය මූලික කරගත් විවෘත ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා අපට සහාය වීමට ඔහු ප්‍රතිඥා දුන්නේය.‘

Comments
Post a Comment
Your comment will be visible after approval