ranil-sumanthiran-parliament

ජනපතිට අප්‍රසාදය පළකිරීමේ යෝජනාව විවාදයට ගැනීම සම්බන්ධයෙන් විපක්ෂය ඉදිරිපත් කළ යෝජනාව පරාජය කිරීම සඳහා අගමැතිවරයා ඡන්දය පළ කර සහය දැක්වීමේ හැසිරීම මගින් තනතුර ලද පසුව රනිල් වෙනස්වූ හැටි අද කදිමට ඔප්පු කළ බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් පාර්ලිමේන්තුවේදී දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කරමින් දන්වා සිටියේය.




තමාට දින වකවානුව සහිතව ඔප්පු කළ හැකි බවත් මීට මසකට පෙර රනිල් පාර්ලිමේන්තුවේදී ගෝල්ෆේස් මතයට කන් දියයුතු බවත් ජනපතිට අප්‍රසාදය පළ කරන බවත් දන්වා සිටියා සේම එදා මෙම යෝජනාවට එකඟවූ බවත් කීය. රනිල් ඒ ගැන ට්විටර් පණිවිඩද නිකුත් කළ බව පෙන්වාදුන්  මන්ත්‍රීවරයා
”ජනාධිපතිතුමා ආරක්ෂා කරන්නේ කවුද කියලා, රටම දන්නවා. ඇත්ත වශයෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හැසිරීම ලැජ්ජාසහගතයි. අද දිනයේ ඔහු ඊට විරුද්ධව ඡන්දය දීම  මගින් ‘කුමන ගේම් ගසන්නෙක් ද‘ යන්න පෙන්නුම් කළ බව කීය.
”එදා ත් අදත් එකම දෙයයි වෙනස් වුණේ, ඔහුට අගමැති ධූරයක් ලැබීම පමණයි. ලජ්ජාවකින් තොරව ඔහු ප්‍රසිද්ධියේ ප්‍රතිපත්තිය විකුණා දාලා”