6.40 update
නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මීට සුලු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දීම සිදුවිය.අන්තර්වාර අණ්ඩුවක් ඇති කිරීමේ මූලික පියවර ලෙස මෙය සිදුව ඇතැයි ජනපති මාධ්‍ය අංශය  වාර්තා කරයි


නව කැබිනට් මණ්ඩලය පත් කිරීම ඉතා ඉක්මනින් සිදුවන බවද දන්වා තිබේ.
6.20 update
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට ජනාධිපති මන්දිරයට පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ අනුව තව සුලු මොහොතකින් ඒ මහතා නව අගමැතිවරයා ලෙස දිව්රුම් දීමට නියමිතය.

සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමාදවී ඉල්ලීම් කිරීම නිසා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙහි දිවුරුම් දීමේ වෙනසක් නැතැයි එක්සත් ජාතික පක්ෂය සඳහන් නිවේදනය කර සිටියි. ඒ මහතා අද පස්වරු 6:30ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතා ඉදිරියේ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිතය.
මේ අනුව ජනපති සජිත් ප්‍රේමදාසට දන්වා ඇත්තේ තමාට රනිල්ට මුලින් දුන් වචනය වෙනස් කරන්නට බැරි බවත් පාර්ලිමේන්තුවේදී 113 බහුතරයක් පෙන්වා සජිත්ට අවශ්‍ය නම් අගමැති ධූරය ලබාගන්නට ඉදිරියේ අවස්ථාවක් පවතින බවත්ය.


රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීම ක්‍රම විරෝධී හා ව්‍යවස්ථා විරෝධී සහ සදාචාර විරෝධි බව ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ සහ අති පූජ්‍ය මැල්කම් රංජිත් කාදිනල් හිමියෝ අද සවස ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වා දන්වා සිටියහ.
සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ වැඩි විශ්වාසය දිනාගන්නාකෙනා තෝරා ඔහුට අගමැති ධූරය දීම සිදුවිය යුතු නමුත් පාර්ලිමේන්තුව 17 වනදා රැස්වන්නට නියමිතව තිබියදී ජනපති අගමැති පුරප්පාඩුව පුරවන සෙයක් පෙන්නුම් කෙරේ. පසුව සිදු කරන විශ්වාසය පළකිරීමේ යෝජනාවට රනිල්ට 113 ලබාගන්නට බැරිව ගියහොත් ඔහුට අස්වන්නට සිදුවේ.
දේශපාලන ආරංචි පවසන්නේ අගමැති ධූරයේ රනිල් සිටීම රාජපක්ෂවරුන්ට හැමඅතින්ම වාසිදායි බැවින් මෙම තීරණය ගෙන ඇති බවකි.ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කළේ, මෙය රාජපක්ෂවරුන් අත නැවත බලය තබා ගැනීමට දරන උත්සහයක් බවය.
මේ අනුව ව්‍යවස්ථාදායකය යළි අර්බුදයකට ලක්කර ඇත.