
ශ්‍රී ලංකාවේ නව අගමැති ලෙස එජාප නායක රනිල් වික්‍රමසිංහ අද (12) සවස 6.30 ට ජනපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය. මේ බව එජාපය මගින් තහවුරු කිරීමක්ද සිදු කර ඇත.
අගමැති මහින්ද රාජපක්ෂ සිය තනතුර 9 වනදා සවස අත්හැරිය පසු ඊයේ 11 දක්වා රටේ අගමැතිධූරයක් හෝ ඇමති මණ්ඩලයක් නොවිණි.
අරාජක ස්වරූපය වෙනස්වීමට අවශය බව මහබැංකු අධිපතිවරයාද දන්වා සිටි අතර ජනපති මේ ගැන රනිල් වික්‍රමසිංහ සමග ඊයේ දහවල් සාකච්ඡාවක් පැවැත්වූයේ ඊට පෙර සජබ හා ජාජබෙ පක්ෂ වලට කළ ඇරයුම කොන්දේසි මත ප්‍රතික්ෂේප කිරීම නිසාය. පළමු කොන්දේසිය වූ ජනපති වහාම තනතුර අත්හැරීමට ගෝඨාභය එකඟ නොවීය.
කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ ගෝඨාභය නොයා සිටීමට එකඟවූ අතර 6 වැනි වරටත් අගමැති ධූරය ලබාගැනීමට කැමැත්තෙන් පසුවන බව දන්වා සිටියේය. ඔහුට පාර්ලිමේන්තුවේ පැවතියේ එකම ආසනයේ පක්ෂයක් වූ නිසා ලොකුම ප්‍රශ්නය වූයේ පාර්ලිමේන්තු සහය ලබාගැන්මේ ගැටලුව පමණි. එය විසඳා දෙන බව ජනපති කථා කරගෙන තිබුණි.
යහපාලන සමයේ අගමැති ධූරය දරද්දීත් රනිල් රාජපක්ෂවරුන් සමග පිටතින් වීරෝධයක් පෙන්වූ නමුත් ඇතුළතින් මෘදු පිළිවෙතක් ගෙනයාම නිසා රනිල් සමග වැඩකිරීම රාජපක්ෂ පාලකයන්ට මෙම මොහොතේ සෞඛ්‍යයට හිතකර විය හැකි බවට දේශපාලන විචාරකයන් පෙන්වා දී ඇත.
ඒ අනුව රනිල් අද 12 සවස දිවුරුම් දීමෙන් පසු ලබන 17 වනදා කැමැත්ත පළ කිරීමේ යෝජනාවකින් පාර්ලිමේන්තුවේදී අගමැති පුටුවේ අසුන් ගනු ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval