
මීට වසර 8 කට පමණ ඉහතදී දිවංගතවූ පාර්ලිමේන්තුවේ හිටපු මහාලේකම් සෑම් විජේසිංහ මහතා රසවතෙකි. මන්ත්‍රීවරුන්ගේ ඉතිහාසය ගැන ඇසූ පිරූ තැන් ඇත්තෙකි. පාර්ලිමේන්තුවේ බොහෝ දෙනාගේ පැටිකිරිය ගැනලියූ කියූ අයෙකි.
ඔහු මහින්ද රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහට ඇති නෑකම වරක් පැහැදිලි කර තිබුණි.
සෑම්ගේ ගම ගැටමාන්නේය. රාජපක්ෂලාත් ගැටමාන්නේය. ඒ නිසා තමා මේ බව හොඳ හැටි දන්නා බව ඔහු පවසා තිබේ. ඔහු මහින්ද හා රනිල් අතර දුර නෑකම විස්තර කර තිබුනේ මෙසේය.
‘මහින්දගේ තාත්තාගේ සහෝදරයා ඩී.එම්. රාජපක්ෂ විවාහ වුණේ වීරතුංග පවුලෙන්. වීරතුංග පවුලේ අයෙක් ජේ.ආර්.ගේ සහෝදරියක් විවාහ කරගත්තා. රනිල්, ජේ.ආර්.ගේ බෑණා. රාජපක්ෂලා, ජයවර්ධන, වික්‍රමසිංහ, විජයවර්ධනලාට ඥාති වෙන්නේ ඔහොමයි…’ ඔහු දන්වා තිබුණි.
මින් ඉහත රන්ජන් රාමනායක පවසා තිබුනේ ‘ඒ ඔක්කොම යාළුවො මල්ලී ‘ ලෙසිනි.
Comments
Post a Comment
Your comment will be visible after approval