
දිගු කලකට පසු පාර්ලිමේන්තුව යළි ඇරඹූමෙන් පසු අද පෙරවරුවේ පැවැති පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසන් වී මන්ත්‍රීවරුන් පිටතට පැමිණෙමින් සිටියදී එහි මන්ත්‍රීවරුන් දෙදෙනකු එහි සිටි මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහර දී ජංගම දුරකතන උදුරාගත් සිදුවීමක් වාර්තා විය.
අම්පාරේ ඩී. වීරසිංහ සහ ඉන්දික අනුරුද්ධ යන මන්ත්‍රීවරුන් දෙදෙනා මෙසේ පහර දී ඇත්තේ විද්‍යුත් මාධ්‍ය නාළිකා මාධ්‍යවේදීන් දෙදෙනකු වන ප්‍රගීත් පෙරේරා සහ කසුන් සමරවීර යන දෙදෙනාටය.
මෙම පහරදීම ගැන මාධ්‍යවේදීන් දෙන්නා පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර මෙම නම්ද සඳහන් කර තිබේ.
‘යකෝ උඹලා තමයි රට ගිනි තිබ්බේ.’ යැයි කියමින් ඔවුන් දෙදෙනාට මරණීය තර්ජන එල්ල කොට පහරදීම සිදුකර ඇති බව පැමිණිල්ලේ දැක්වේ.
මෙම සිදුවීමෙන් පසුව සභා වාරය ආරම්භයේදී චන්න ජයසුමන හා ප්‍රේමනාත් දොලවත්ත යන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ කතානායක අමතා දන්වා සිටියේ පාර්ලිමේන්තුව ඇතුළට නාඳුනන කැමරා කරුවන් පැමිණ වීඩියෝගත කිරීම් කරන බවත් ආරක්ෂාවට තර්ජනයක් බැවින් ඒ ගැන සොයා බලන ලෙසයි.
Comments
Post a Comment
Your comment will be visible after approval