දේශපාලනඥයන්ගේ නිවාසවල තිබූ ගිනි අවි රැසක් උද්ඝෝෂකයන් අරන් ගිහින්

Ad Code

දේශපාලනඥයන්ගේ නිවාසවල තිබූ ගිනි අවි රැසක් උද්ඝෝෂකයන් අරන් ගිහින්

Protesters-have-taken-away-many-firearms-from-the-homes-of-politicians

පසුගිය නවවැනිදා ඇති වූ නොසන්සුන් තත්ත්වය හමුවේ ප්‍රබල මැති ඇමැතිවරුන් හා ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ නිවාසවල සඟවා තිබූ නීති විරෝධී ගිනි අවි රැසක් එම දේපොළවලට හානි කළ පුද්ගලයන් පැහැරගෙන ගොස් ඇති බවට වාර්තා වේ.



වයඹ පළාතේ ප්‍රබල දේශපාලනඥයන් දෙදෙනකුගේ හා ප්‍රාදේශීය දේශපාලනඥයකුගේ නිවාසවල තිබූ ටී. 56 ගිනි අවි හා පිස්තෝල මෙසේ ප්‍රහාරකයන් රැගෙන ගොස් තිබේ. මේ අතර එක් දේශපාලනඥයකුගේ නිවසේ නීති විරෝධීව සඟවාගෙන තිබූ ටී 56 ගිනි අවි දෙකක් රැගෙන ගොස් ඇත.



ඊට අමතරව අනුරාධපුරය, මොනරාගල දිස්ත්‍රික්කවල දේශපාලනඥයන් දෙදෙනකුගේ නිවාසවලට ප්‍රහාර සිදු කිරීමේදී හමු වූ ගිනි අවි කිහිපයක්ද උද්ඝෝෂකයන් පැහැරගෙන ගොස් තිබේ.

මේ අතර එදින දහවල් නිට්ටඹුව ප්‍රදේශය හරහා ගමන් කරමින් සිටියෙදි ප්‍රහාරයට ලක් වූ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරාල ඔහුගේ ආරක්ෂකයා සතුව තිබූ පිස්තෝලයද උද්ඝෝෂකයන් පැහැරගෙන ගොස් ඇත.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූවගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ නිවාසවල තිබූ අතුරුදන් වූවා යැයි කියන ගිනිඅවි සම්බන්ධයෙන් මෙතෙක් පැමිණිලි ලැබී නැති අතර එම සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති හෙයින් ඉදිරියේදී තොරතුරු හෙළිවිය හැකි බවයි.

(චමින්ද සේනාරත්න -අරුණ) 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Close Menu