peter-de-almaida-speaks

අරගල භූමියේ සිට රංගන ශිල්පි පීටර් අල්මේදා වත්මන් ආණ්ඩුවට හා ජනතාවට දුන් පණිවිඩය මෙසේය.

'' මමනම් දකින්නේ මේක නියම ජනතා විප්ලවයක් හැටියට මොකද ජනතාව එයාලාගේ පරමාධිපත්‍ය එයාලාගේ අතට අරන් තියෙන්නේ.පාර්ලිමේන්තුවයි විධායක ජනාධිපති ධූරය ගැනයි විශ්වාසය සම්පුර්ණයෙන්කඩා වැටිලා තියෙන්නේ.

එතැන කතා කරන දේවල් බලන්න කිසිම අදාලත්වයක් නෑ , විශේෂයෙන් අපේ තරුණ පරම්පරාවට බලන් හිටියා බලන් හිටියා.දැන් බලන්න අපි දැන් මොනතරම් අන්තිම තත්වයටද වැටිලා ඉන්නේ.අපේ ලංකාවේ මිනිස්සුන්ට ඉතාම දුෂ්කර අනාගතයක් තියෙන්නේ අඩුතරමින් අවුරුදු දෙකක් තුනක් අමාරු තත්වයකට වැටෙන්නේ අපිගොඩ එන්න ඉස්සෙල්ලා.මෙතැන එක් වෙලා ඉන්නේ ඒ පදනම උඩ තමයි.අපි මොනා හරි නියම වෙනසක් කරන්න ඕන.නිකං පාර්ලිමේන්තු එන අයට එහාට පැනලා මෙහාට පැනලා ඒක නෙවෙයි ඕන.නියම වෙනසක් ඒ නිසා තමයි මිනිස්සු එකතු උනේ.දැන් බලන්න මේ අපේ කලා ක්ෂේත්‍රයේ අපේ අය කියනවා කඩේ ගියා කියලා ආණ්ඩුවට නමුත් මම එහෙම කියන්නේ නෑ ඒ වගේම අනිත් අය නිශ්ශබ්දවත් හිටියා. හැබැයි මේ වෙච්ච දේ අනුව ඔක්කොම එකතු වෙලා තියෙන්නේ.

මට විශ්වාසයක් තියෙනවා අමාරුකාලයක් ඉදිරියට තිබ්බත් අපි හොඳ අනාගතයක් හදන්න ඕන.මම හිතන්නේ ඒක වෙයි.ඉදිරිකාලේ අමාරුවෙයි නමුත් අපි එකට මෙහෙම ඉන්නවානම් හොඳ සටනක් ගෙනියනවනම් නියම වෙනසක් ඇති කරන්න පුළුවන් පාර්ලිමේන්තුව තුලත් අපිට බලපෑම් ඇති කරන්න පුළුවන් උඹලා නියම වෙනසක් කරපල්ලා නැත්තම් අපි සටනේමයි ඉන්නේ.ඒකයි මගේ ප්‍රාර්ථනාව.....''