
ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව ලබන 17 වැනිදා පාර්ලිමේන්තුවේ විශේෂ අනුමැතියකින් පසුව විවාදයට ගැනීමට පක්ෂ නායකයෝ ඊයේ (12) තීරණය කළහ. එම යෝජනාව ස්ථාවර නියෝග අත්හිටුවා විවාදයට ගැනීමට අදාළ මෝසමක්ද පක්ෂ නායකයෝ කතානායකවරයාට මෙහිදී ඉදිරිපත් කළහ.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ (12) පෙරවරුවේ රැස්විය. මෙම රැස්වීම උණුසුම් වාද විවාද නිසා දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබිණි.
මේ අතර පාර්ලිමේන්තුව ලබන 17 වැනිදා රැස්වූ පසුව එහි පළමු කටයුත්ත ලෙස නියෝජ්‍ය කතානායකවරයා තෝරා පත්කර ගැනීමටද මෙහිදී තීරණය කර ඇත. කෙසේ වෙතත් මේ සාකච්ඡාවට හිටපු සභානායක දිග්නේෂ් ගුණවර්ධන සහ ආණ්ඩු පක්ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයෝ සහභාගී නොවූහ. පක්ෂ නායක රැස්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ලක්ෂ්මන් කිරිඇල්ල, ජීවන් තොණ්ඩමන්, ගෙවිඳු කුමාරතුංග, එම්.ඒ. සුමන්තිරන්, ජී. ජී. පොන්නම්බලම්, ඩිලාන් පෙරේරා, වීරසුමන වීරසිංහ, රවුෆ් හකීම්, අසංක නවරත්න, මහින්ද අමරවීර, රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, අරවින්ද කුමාර්, අංගජන් රාමනාදන්, නසීර් අහමඩ්, රිෂාඩ් බදියුදීන්, ගයන්ත කරුණාතිලක, නිමල් සිරිපාල ද සිල්වා, අනුර කුමාර දිසානායක, අලි සබ්රි රහීම්, ඒ. එල්. එම්. අතාවුල්ලා, එම්. මුෂාරෆ් යන මන්ත්‍රීවරු සහභාගී වූහ.
Comments
Post a Comment
Your comment will be visible after approval