mars-water-china-finding

අගහරු මතුපිට දිගු කාලයක් පුරා ජලය තිබූ බවට හඳුනාගත් බව චීන විද්‍යාඥයන් පිරිසක් පවසති. ඒ අනුව මෙය මීට පෙර අගහරු මතු පිට ජලය තිබූ කාලයට වඩා වැඩි කාලයක් පුරා එහි ජලය පැවැති බවට වන නව සොයා ගැනීමක් බවත් ඔවුන් පෙන්වා දෙයි.
චීනය විසින් අඟහරු ග්‍රහයා මතට යවා ඇති Zhurong රොබෝ රෝවර්ය ආධාරයෙන් එහි පිහිටි විශාල ධ්‍රෝනියක් තුළදී පසුගියදා සිදුකළ ජලය අන්තර්ජගත වූ 'සජල ඛනිජ' පිළිබඳ සොයා ගැනීමත් සමග මෙම අදහස මතුව තිබේ. මෙහිදී එම ප්‍රදේශය අගහරු මත තිබූ ඉපැරණි සාගරයක් විය හැකි බවත්, ඒ අනුව මිනිසුන් සිතා සිටින කාලයට වඩා වැඩි කාලයකට පෙර අගහරු මත ජලය තිබූ බවට එය සාක්ෂියක් බවත් විද්‍යාඥයන් පවසයි.



මෙම Zhurong රෝවරය මගින් එම ප්‍රදේශය පිළිබදව එවා ඇති දත්ත අනුව අදින් වසර මිලියන 700කට පමණ පෙරාතුව  නිර්මාණය වූ බව පැවසෙන බනිජ සාම්පල  තුළ ජලය ඇති බව හඳුනාගෙන තිබේ. මෙම විද්‍යාඥයන් පසුගිය මැයි 11 වැනිදා ප්‍රකාශයට පත් කළ පර්යේෂණ පත්‍රිකාවක මේ පිළිබදව සඳහන්ව ඇත.  දැනට ලොව විද්‍යාඥයන් තුළ පවතින විශ්වාසයට අනුව අදින් වසර බිලියන 3කට පමණ පෙරාතුව අගහරු පෘෂ්ඨය මත තෙතමනය තිබී ඇත. එය අගහරු ග්‍රහයාගේ දෙවැනි භූගෝලීය අවධිය ලෙස සැලකෙන අතර එය හෙස්පේරියන් යුගයේ (Hesperian Epoch) අවසානය ලෙස හැදින්වෙයි.



වර්තමානයේදී අගහරු ග්‍රහයා එහි ඇමසෝනියානු යුගය ගත කරන අතර,  එහිදී පිෂ්ඨය මතද්වය නොමැත. චීන විදපාදයන්ට අනුව මෙලස Zhurong රෝවරය මගින් රැස්කරගෙන ඇති බනිජ ද්‍රව්‍යවල ඇති ජලය බොහෝවිට භූගත ප්ලය ඉහළ පැමිණීමෙන් හෝ අයිස් දියවීමෙන් ඊට එක්වූ ඒවා විය හැකි බවත්, පසුව ඒවා වාෂ්පවන්නට ඇති බවත් විශ්වාස කෙරේ. මෙම Zhurong රෝවරය පසුගිය වසරේ මැයි මාසයේදී අගහරු ග්‍රහයා මතුපිටට ගොඩබැස්වූ අතර, එතැන් සිට එය එම ස්ථානයේ සිට කිලෝ මීටර් 2ක වපසරියක දුරක් ගමන් කරමින් දත්ත රැස්කර පාථිවියට එවීම සිදු කරයි. මේ අතර යුරෝපියානු අභ්‍යවකාශ ඒජන්සිය මගින් මෙහෙයවන අගහරුගේ කක්ෂයේ පිහිටි යානාවක් මගින් රැස් කර ඇති දත්ත අනුව එහි දකුණු ධ්‍රැවයේ අයිස් තට්ටු මත ජලය පවතින බවට සොයාගෙන ඇතැයි ආසන්න කාලසීමාවේදී අනාවරණය කෙරිණි.