
පානදුර, කෙසෙල්වත්ත ශ්‍රී ජිනධර්මදාන විදුහලේ විදුහල්පති නිල කාමරයට සහ පරිගණක විද්‍යාගාරයේ ඊයේ (03) පස්වරුවේ ගින්නක් ඇතිවූ අතර ගින්නෙන් පරිගණක විස්සකට අධික ගණනක් සහ උපාංග, විදුලි පංකා, පෙළ පොත් රැසක් කුසලාන රැසක් විනාශ වී ඇත.
මේ ගින්න ඇවිළවීම සම්බන්ධයෙන් සැකපිට අවුරුදු 12 සහ 8 වියැති සිසුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පානදුර උතුර පොලිසිය පවසයි. විදුහල්පතිවරයා විසින් දඬුවම් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් උරණවී විදුහල්පතින්ගේ පුටුවට ගිනි තැබීමට මොවුන් උත්සාහ කර ඇතැයි ද පොලිසිය කියයි.
ගින්න ඇති වන මොහොතේ පාසල වසා දමා තිබී ඇති අතර, ගින්න ඉහළට නැගෙනු දුටු ප්‍රදේශවාසීන් ගින්න පාලනය කිරීමට කටයුතු කර තිබේ. මීට පෙර අවස්ථා කිහිපයකදීම පාසලේ දේපළට හානි කර ඇතැයි ද පැවසේ. අත්සෝදන දියර දමා ගිනිතබා ඇති බව පොලිසිය කියයි.
සිසුවෙකු විදුහලට පැළඳගෙන ආ අත්පළඳනා (බ්රේස්ලට්) සම්බන්ධයෙන් විදුහල්පතිවරයා විසින් මීට දින කිහිපයකට
පෙර ලබාදුන් දඬුවමකට උරණවී විදුහල්පතිවරයාගේ පුටුවට ගිනි තබමු යැයි කථිකා කර ගෙන අදාළ සිසුන්
දෙදෙනා විසින් මෙය සිදුකර ඇතැයි අනාවරණය වූ බව පොලීසිය සඳහන් කරයි.
පානදුර උතුර පොලීසියට ඊයේ (03) සවස 5.00ට පමණ පාසලක ගින්නක් ඇති වී ඇති බව ලද තොරතුරක්
අනුව පරීක්ෂණ ආරම්භ කර තිබුණි.
ගින්නෙන් පරිගණක විද්‍යාගාරයේ තිබූ පරිගණක විස්සකට අධික ප්‍රමාණයක් සහ එහි උපාංග, විදුලි
පංකා, පෙළ පොත් විශාල ප්‍රමාණයක්, විදුහල්පතිගේ පුටුව සහ කුසලාන රැසක් ද විනාශ වී ඇති බව
පොලීසිය පවසයි.
ගින්න ඇති වන මොහොතේ පාසල වසා දමා තිබී ඇති අතර, ගිනි ජාලා ඉහළට නැගෙනු දුටු
ප්‍රදේශවාසීන් ගින්න පාලනය කිරීමට කටයුතු කර තිබේ.
අදාළ සිසුන් දෙදෙනා විදුහල්පතිවරයාගේ කාමරයේ තිබූ යතුරු රැගෙන අනෙකුත් පන්ති කාමර විවෘත කර
එහි තිබූ බඩු භාණ්ඩ අවුස්සා දමා ඇතැයි විමර්ශනවලදී හෙළි වී ඇත.
පානදුර උතුර පොලීසිය මඟින් එම ප්‍රදේශයේ මාර්ගයේ දෙපස ඇති CCTV දර්ශන පරීක්ෂා කිරීමෙන්
අනාවරණය වී ඇත්තේ පාසලේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකු පා පැදියකින් ගමන් කර, ඉන් මද
වේලාවකට පසු නැවත පැමිණෙන ආකාරයයි.
පසුව එම දර්ශනවලට අදාළව සිදුකළ පරීක්ෂණවලින් එම සිසුන් දෙදෙනාව අත්අඩංගුවට ගැනීමට පොලීසියට
හැකියාව ලැබී තිබේ.
.jpg)