
නොරොච්චෝලේ එක් බලාගාරයක හදිසි බිඳවැටීමක් සිදුවී ඇති බව වාර්තා වෙයි.
තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇති අතර මේ හේතුවෙන් මෙගාවොට් 270 ක් ජාතික විදුලිබල පද්ධතියට අහිමිව ගොස් ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේය.
මෙම තාක්ෂණික දෝෂය නැවත යථා තත්ත්වයට පත්කිරීම සඳහා දින 5ක කාලයක් ගතවන බව වාර්තා වේ.
කෙසේවෙතත් දැනට පවතින විදුලි කප්පාදුව දීර්ඝ කිරීමකින් තොරව එය කළමනාකරණය කර ගනිමින් විදුලි සැපයුම සිදුකරන ලෙස අමාත්‍යවරයා ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වෙයි.