new-sec-sworn-in
ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා ආරක්ෂක, මහජන ආරක්ෂක සහ මුදල් අමාත්‍යාංශ සඳහා ලේකම්වරු තිදෙනෙක් ඊයේ (10) දින සිට පත් කර තිබේ.



ඒ අනුව මෙතෙක් එම අමාත්‍යාංශවල ලේකම්වරුන් ලෙස කටයුතු කළ

ආරක්ෂක අමාත්‍යාංශය – විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න
මහජන ආරක්ෂක අමාත්‍යාංශය – විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස්
මුදල් අමාත්‍යාංශය – කේ.එම්. මහින්ද සිරිවර්ධන

යන මහත්වරුන් නැවත එම ධුර සඳහා පත් කර ඇත.