message-from-galle-face


කලාකරුවන්, සාහිත්‍යවේදීන් සහ මාධ්‍යවේදීන් ගාලුමුවදොර අරගල භූමියේ සිට මුළු රටෙන් ම ඉල්ලීමක් කර තිබේ...



ප්‍රචණ්ඩත්වය නොව ආදරය අරගලයට රැගෙන එන්නැයි කලාකරුවන්, මාධ්‍යවේදීන් සහ සාහිත්‍යවේදීන් අවධාරණය කරයි. ගාලුමුවදොර පිටියේ සිට අදහස් දක්වමින් ඔවුන් මුළු රටෙන් ම ඉල්ලා සිටින්නේ ප්‍රචණ්ඩත්වය පිටු දකින ලෙස යි. අරගලය සෞන්දර්යාත්මක අරගලයකි. නවීන අරගලයකි. මේ අරගලයේ දී ගැටළු විසදා ගත් යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයකිනි. එබැවින් ප්‍රචණ්ඩත්වය අත හැර අරගලය යළිත් ආදරය හා මුසු කරන්නැයි ඔවුහු ඉල්ලා සිටිති. සම්මානිත රංගන ශිල්පී සමනලී ෆොන්සේකා, ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ උදාර පල්ලියගුරු,, සම්මානිත රංගන ශිල්පී කළණ ගුණසේකර, ශාස්ත්‍රපති මාධ්‍යවේදී තමීර මංජු, සම්මානිත රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි, ප්‍රවීණ මාධ්‍යවේදී ජූඩ් නුවන් ලියනගේ, සමාජ ක්‍රියාකාරී විදර්ශන කන්නංග්ගර, සම්මානිත ප්‍රවිණ සිනමා අධ්‍යක්ෂ ප්‍රසන්න ජයකොඩි එම සාමූහික ඉල්ලීම සිදු කරයි.

රංගන ශිල්පිණි සමනලී ෆොන්සේකා

ඉතාම සුළු කණ්ඩායමක් මේ පොහොට්ටුවේ ඉන්නේ.මෙතනට ඇවිල්ලා අරලියගහ මන්දිරයට ඇවිල්ලා ඔවුන් හිතුවා මේ ඔවුන්ගේ බලය තමයි තාම රටේ තියෙන්නෙ කියලා.රාජපක්ෂ කියන්නේ මහා තාත්තා කෙනෙක් වගෙයි කියල කෙනෙක් කියලා තමයි හිතුවෙ මේ හොරාට මේ හොර මිනීමරුවාට.ඌ තාත්ත කෙනෙක් වෙන්නෙ කොහොමද .උගේ ඒ හයිය අරගෙන ඇවිල්ලා අහිංසක විදිහට අපි කරගෙන ගියපු අරගලයට ගැහුවා එක ප්‍රතිඵල රෑ වෙනකොට ඔවුන් අත් වින්දා මේ ප්‍රතිඵලය නෙමෙයි අපි බලාපොරොත්තු වුණේ.මේ අරගලයේ අරමුණ ඉතාම සුවිශාල එකක් එක මොහොතින් එක රැයෙන් ගන්න හිතාගෙන ආපු එකක් නෙවෙයි.ඒ අරගලයේ අරමුණ ඉතාම දුරට විහිදිච්ච එකක්  ඒ අරමුණ තමයි ඔවුන්ට නැති කරන්න ඕන වුණේ.මිනිස්සු පෙන්නුවා උඹලගෙ මේ චණ්ඩිකම් වලටත් මූණ දෙන්න පුළුවන් රටක අපි ඉන්නේ ,රටක් විදියට අපි එකතුවෙලා ඉන්නේ එතකොට මේ පොඩි කණ්ඩායමක් තමන්ගේ මඩිය තර කරගන්න මිනීමරන හොරකම් කරන මිනිස්සුන්ව දුර්ගාන්තයට ඇදල දාන මේ හොර පොඩි කණ්ඩායමට බය නෑ කියන එක මිනිසුන්ට පෙන්නන්න ඕන වුණා.ඊයේ ප්‍රතිඵල තමයි දවස ඇතුලත අපිට දකින්න ලැබුනේ.ඒත් මේක නෙවෙයි විය යුත්තේ. අපිට ඕනේ මේ දේවල් මීට වඩා හොඳ තැනකින් විසදගන්න.මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ කියලා අපි කිව්වේ ඒකයි.ඒ හින්දා මේ තරුණ කණ්ඩායම් වලින් අපි ඉල්ලනවා මම දන්නවා එහෙම බෑ ඉවසන්න හැබැයි හරි දැන් අපි ඉවසමු.මේ මැර චණ්ඩින් ගෙන් මේ රට බේරගන්න මේ හොර තක්කඩින්ගෙන් මේ රට බේරගන්න ඒ අරමුණ වෙනුවෙන් අපි පෙළගැසෙමු දැන් ඇති ඉවසමු .මේ අපි කරගෙන ආපු අරගලය ඉදිරියටම අරන් යමු.අපේ තරුණ ජීවිත මේකට බිලි වුණත් ,අපේ කාලය මේකට බිලි වුණත් ඊළඟ පරම්පරාවට හොඳ රටක් හදන්න මේ අරගලය දිගටම අරන් යමු අරගලයට ජය....''

ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂක උදාර පල්ලියගුරු

"අරගලය ආරම්භ කළේම අපි ආදරයේ අරගලයක් විදියට.ලෝකයේ අනෙක් අරගලත් එක්ක ගත්තට පස්සේ ගෝල්ෆේස් අරගලය වෙනස් උනේ එතනින්. අවාසනාවකට අපේ ආදරයේ අරගලයට රාජපක්ෂ  බත් බැලයන් පහරදීලා ඒ මිලේච්ඡත්වය ප්‍රදර්ශනය කළා ඒ හමුවේ අරගලයට  සහ අපේ සහෝදරයන්ට ආදරය කරන ජනතාව ඇත්තටම මම හිතන විදිහට අවතක්සේරු කරා ගෝල්ෆේස් අරගලයේ ඉන්න තරුණයන් මෙතන හුදෙකලා වෙලා හිටියා කියලා එහෙම තක්සේරුවකින් තමයි අරලියගහ මන්දිරයෙන් ජොන්ස්ටන් මහින්ද රාජපක්ෂ සහ ඇමති බැලයන් සියලු දෙනාගේ පෙළඹවීමෙන් ප්‍රහාරය එල්ල කළේ.නමුත් අවාසනාවකට මේ ප්‍රහාරය අද වෙනකොට කොල්ලකෑම් මංකොල්ල කෑම ආදිය මට්ටමට වැඩි දියුණු වෙලා තියෙනවා ඉතිං අරගලය ආදරෙන් ආරම්භ කරපු තරුණ කණ්ඩායමක් වශයෙන් අපිට කියන්න තියෙන දේ කවදාවත් මේ අපේ  අරගලය ප්‍රචණ්ඩත්වයෙන් කරන අරගලයක් නෙමෙයි ආදරයෙන්  හැමෝටම කියන්නේ රට පුරා ව්‍යාප්ත අපට ආදරය කරන ජීවත්වෙන මේ හැමෝටම කියන්නේ කරුණාකරලා  අරගලය පිටින් ප්‍රචණ්ඩත්වයට යොමු වෙන්න එපා ඔබේ අරගලය ආරම්භ කළා සේම හා ආදරයෙන් යම් කිසි දවසක අවසන් විය යුතුයි.අපිට ප්‍රචණ්ඩත්වය අවශ්‍ය කරන්නේ නෑ.මේ රටේ ඉන්න හැමෝම අවසාන වශයෙන් ගත්තම ප්‍රචණ්ඩත්වයේ ගොදුරු බවට පත්වන්නේ කවුද අපේ සහෝදර සහෝදරියන් මයි  දැන් ප්‍රචණ්ඩත්වය අතාරින්න සුදුසු වෙලාව.කරුණාකරලා ආදරේ අරගලය නැවත එන්න.ඒ ආරම්භක සුන්දර අරගලය දෙස දිශාවට අපි නැවත යමු.

* ප්‍රවීණ රංගන ශිල්පී කලන ගුණසේකර

"ආර්ථිකමය වැටිච්ච රටක මිනිස්සු දුප්පත්කම නිසා නැගිටපු ජනතා අරගලයක් නිහඩ අරගලයක් සෞන්දර්යාත්මක අරගලයක්  අරගලයට ප්‍රචන්ඩ විදිහට පහර දෙන්න පුළුවන් කමක් නෑ ඒක ප්‍රජාතන්ත්‍රවාදි විරෝදි රටක හැඩයක් .මේ පාලකයන් නැවත නැවතත් ඔප්පු කරමින් යන්නේ වෙන මොනවත් නෙවෙයි ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ ඒකාධිපති පාලනයක් තියෙන්නේ කියන එක හිතුමතේ මෙහෙම පහර දෙන්න පුළුවන් රටක කවදාවත් ගොඨාගම මිනිස්සු ආයුධ තියාගෙන පොලු තියාගෙන හිටියේ නැහැ.එතන ඉතා පොඩි පිරිසක් හිටියේ ඒ පිරිසට ඉතා ප්‍රචණ්ඩ ලෙස පහර දුන්නා.ගෝඨාගම කියන්නේ ශරීරයක හදවත වගේ.  සෑම ඉන්ද්‍රියක්ම ඒකත් එක්ක බද්ධ වෙලා තිබ්බේ.මුළු ශ්‍රී ලංකාවම ගෝඨා ගෝ බිමක්.මේ ගම පොඩියට ගත්තට පොඩි නැහැ මේ තමයි ජනතාව.මතක තියාගන්න ඕගොල්ලො ප්‍රචණ්ඩව හැසිරුණා කියලා අපි කවදාවත්  එතන නායකයෝ නැහැ මේ භූමිය කවදාවත් ප්‍රචණ්ඩව හැසිරෙන්නේ නැහැ එදා හැසිරුණේ ත් නෑ අද හැසිරෙන්නෙත් නැහැ.

ශ්‍රාස්ත්‍රපති මාධ්‍යවේදි තමීර මංජු

" අරගලය පටන් ගත්තෙ ආදරයත් එක්ක එකට දෙන්න පුළුවන් හොඳම උදාහරණය තමයි මේ අරගලයේ තිබ්බ පුස්තකාලය.පොත් කියවන මිනිස්සු හරිම සංවේදී ඔවුන්ගේ හදවත් පිරිසිදුයි.ඒ නිසා ඔවුන්ගේ හදවත් වල ප්‍රචණ්ඩත්වය නෑ. ඔවුන්ට පුළුවන් ලෝකය අලුත් විදිහට වෙනස් කරන්න.ඒ නිසා අපි ඔබ සියලු සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා මේ ප්‍රචණ්ඩත්වය අත්හරින්න.ආදරේ  එක්ක මේ අරගල භූමියට එන්න .ලෝකය අලුත් විදිහට දැකලා මේ අරගලය අපි ජයග්‍රහණය කරමු.

*ප්‍රවීණ රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි

"ඇත්තම මේ අරගලය දැන් මාසයකුත් පන්නලා කිය යුතු කාලයක් ගෙවිලා තියෙනවා මේ මොහොත වෙනකම් සාමකාමීව ඉතාමත් පිලිවෙලට වැදගත් විදිහට සිද්ධ වෙච්ච අරගලයක් නමුත් අපි හැමෝම දන්නවා මේ මොහොතේ රාජපක්ෂ ආණ්ඩුව මේකට මැදිහත් වෙච්ච විදිය හරිම කැතයි සවුත්තුයි නින්දිතයි තරුණයෝ එක්ක මේ විදිහට පීඩාකාරී  අරගලයට තමයි ඒගොල්ලො ආවේ.තවදුරටත් මේක ව්‍යාප්ත වෙලා තියෙනවා ගම් මට්ටමින්,ප්‍රාදේශීය මට්ටමින් ,පළාත් මට්ටමින්,හැම පැත්තෙන්ම මේක වෙන විදිහකට ක්‍රියාත්මක වෙලා තියෙනවා.සමහර විට මේ උණුසුම් තත්වය දඩමීමා කරගෙන එකතු වෙන සමහර කල්ලි මේකෙන් අනවශ්‍ය ප්‍රයෝජන වාසි ගන්න පුළුවන් ඒ නිසා මේ අරගලය සාමකාමී දිගටම කරගෙන යන් ඒකට දායකත්වය දෙන්න.අපිට තවදුරටත් ආයුධ අරගෙන ගහගෙන රණ්ඩු කරගෙන කපාගෙන කොටාගෙන අරගල කරන්න ඕන නැහැ.ඒක හින්දා හැමෝම බොහොම සාමකාමීව දිගටම කරගෙන යං කියන එක තමයි මගේ අදහස.."

*ප්‍රවීණ මාධ්‍යවේදී නුවන් ජූඩ් ලියනගේ

"අරගලයේ මුල ඉඳන්ම තිබිච්ච තේමා පාඨය තමයි එක ආදරයෙ අරගලයක්.ආදරය නැති හින්ද තමයි ආදරේ අරගලයක් අපේ රටේ තරුණ තරුණියන්ට කරන්න ඕනේ උනේ.ඉතින් කෙසේ හෝ අපි කිසි කෙනෙක් බලාපොරොත්තු නොවන තත්වයක්  ඇත්තටම ඊයේ දවස ඇති වුණා.ආදරය නැති තැන සමහර වෙලාවට ප්‍රතිචාරත් ආදරය වියුක්තව තමයි  කෙරෙන්නේ අපි කොච්චර අකමැති වුනත් අපි දකිනවා මේක වෙනතකට පෙරළෙමින් යනවා 1983 අපි දැකපු තැන් වලට මේක යමින් තිබෙනවා.ඒ හින්දා බොහොම ආදරයෙන් ආදරය අරගල භූමිය ඉඳලා කියන්නේ.කාගෙවත් දේපළ වලට හානි කරන එක , ගෙවල් වලට හානි කරන එක ,කිසිම දේපලක් හානි කරන්න යන්න එපා.මොකද ඔවුන් යහතින් හිටියොත් උන් නිරෝගීව හිටියොත් තමයි ඔවුන්ට බලාගන්න පුළුවන් මේ රටට ඔවුන් කොච්චර විනාශයක් කරලාද කියලා.සහ බොහොම කරුණාවෙන් ඉල්ලා සිටින්නේ ආදරේ  අරගලය තව දුරටත් කරගෙන යමු ඒක එතනින් එහාට යන්න දෙන්න එපා.එහෙම වුනොත් අපි ඔවුන්ගේ අවශ්‍යතාව ඉටු කළා වෙනවා."

*සමාජ ක්‍රියාකාරී විදර්ශන කන්නන්ගර

"දැන් මේ ඉන්නේ ඊයෙ වෙච්ච අමානුෂික ප්‍රහාරය සිද්ධවෙච්ච අවකාශයේ.දැනට පොලිසියත් ඇවිල්ලා ඉන්නවා.අමුතුවෙන් කියන්න ඕනේ නැහැ මුළු රටම දැක්කා,මුළු රටම දන්නවා ඒ වෙච්ච බිහිසුණු ප්‍රහාරය.මහින්ද රාජපක්ෂ කියන කුජීත පාලකයා විසින් උසිගන්වනු හෙංචයියෝ මගේම ජොනිල වගේ කාලකන්නි මන්ත්‍රීවරු ඇමතිවරු මම හිතනවා උන්ට විරුද්ධව ජනතාවගේ විරෝධය ඉතාම සීඝ්‍රයෙන් ඇවිලෙමින් තිබෙනවා.හැමතැනම අපිට පේනවා දූෂිත පාලකයන්ට ,ප්‍රාදේශීය පාලකයන්ට එරෙහිව මිනිසුන්ගේ වෛරය ආවේගය ඒ සියල්ල මතුවෙමින් තිබෙනවා ඒ කියන්නේ  වෙච්ච සිද්ධියත් එක්ක ඉතාම දරුණු ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙමින් පවතිනවා.මම හිතන්නේ ඒක වෙන්න නියමිතව තිබුණ දෙයක්.නමුත් මම කියන්නේ මේ අවකාශය තුළ මේක පටන් ගත්තේ ,වෙනත් ශෛලියකින් ඒක තමයි මේක එක්තරා විදිහක හදවතක් උනේ.මම හිතනවා ප්‍රචණ්ඩත්වය සමහර ස්වරූප  ඔවුන්ව වැපිරූ  ඵලදාව තමයි ඔවුන් අරගෙන  තියෙන්නෙ කියලා එක පැත්තකින් කියන්න පුළුවන්.හැබැයි මම හිතනවා එතනින් එහාට යන සමහර ප්‍රචණ්ඩත්වයන්  මම හිතනවා පාලනයෙන් තොරව අද වෙන්න ගියොත් ඒක අපේ මේ අරගලයේ මූලික අරමුණට හානිකර වෙනවා.විශේෂයෙන්ම මම දන්නවා ජනතා දේපල ,ජනතාවගේ දේපල ගැන මං මේ කියන්නෙ ඒක හරහා ආපු දේවල් මම හිතනවාආරක්ෂා කරගත යුතුයි.ඒ අරගලයේ තියෙන වටිනාකම.ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්නත් රාජපක්ෂ පාලනය ඇතුළු ලංකා ඉතිහාසයේ අදම දුර්දාන්ත පාලනයක නිමාව දැන් සලකුණු වෙලා ඉවරයි.මේ යන යම්කිසි විදිහේ  කැරලිකාරීත්වය ආක්‍රමණශීලී ප්‍රවේශයකට ආ යුතු නැහැ.රාජපක්ෂ පාලනය ඉවත් කිරීම සම්බන්ධයෙන්  වඩා නිර්මාණශීලී අලුත් අත්දැකීම් වෙත අපිට යන්න කාලය ඇවිල්ල තියෙනව."

පහත දැක්වෙන්නේ එහි විඩියෝවයි.