namal-court-rugby-

පසුගිය කාලයේ බොහෝ විට අසන්නට ලැබුණ නඩු තීන්දු වලට වඩා වෙනසක් අද ආරංචි විය.
ශ්‍රී ලංකා රග්බි සංගමය අත්හිටුවමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ
ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අද අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරුමඩුල්ල විසින් මෙම නියෝගය දෙනු ලැබීය.


එම අතුරු නියෝගය ජුනි මස 30 වනදා දක්වා බල පැවැත්වෙන බවද අදාළ නියෝගයේ සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති එම්.රිස්ලි ඉල්යාස් විසින් ගොනුකර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන්
අනතුරුව අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.
බස්නාහිර පළාතේ රග්බි සංගමය සිය වාර්ෂික සාමාජික මුදල් නොගෙවීම නිසා එය අත්හිටුවීමට පියවර
ගන්නා ලෙස ක්‍රීඩා ඇමතිවරයා 2019 වසරේ දී ශ්‍රී ලංකා රග්බි සංගමයට උපදෙස් දුන් බව
පෙත්සමෙහි සදහන්ව තිබේ.
එම වසරේදීම එම මුදල් සියල්ල ගෙවූ බව පවසන බස්නාහිර පළාත් රග්බි සංගමය එම රිසිට් පත් සියල්ල
ඉදිරිපත් කල බවද පෙත්සමේ සඳහන් කර තිබේ.


එසේ තිබියදී නීතිපති උපදෙස් ලබාගැනීමකින් තොරව ක්‍රීඩා ඇමතිවරයා ශ්‍රී ලංකා රග්බි සංගමයේ
බලපත්‍රය තහනම් කිරීමට පියවර ගෙන ඇති අතර අප්‍රේල්  මස 01 වැනිදා ඊට අදාළ ගැසට්
නිවේදනය නිකුත් කල බවද පෙත්සමේ සදහන් වෙයි.