anura-kumara-speaks

රට තුළ පවතින අර්බුදකාරී දේශපාලන වාතාවරණය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඕමල්පේ සෝභිත හිමි ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලා පිරිසක් ඊයේ (12) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී  ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් හමු වූහ.  එහිදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කර සකස් කිරීමට යන නව ආණ්ඩුව පිළිගත නොහැකි බවට හා ජනතාවගේ වුවමනාව වෙනුවෙන් එය පරාජයට පත් කළ යුතු බවට දෙපාර්ශ්වයම එකඟත්වය ප්‍රකාශ කර තිබේ.මෙහිදී ජනතා විමුක්ති පෙරමුණ විසින් රටේ පවතින අස්ථාවරත්වය නිමා කරීම වෙනුවෙන් කෙටි කාලයක් ඇතුළත නව ජන වරමකට අවස්ථාව ලබා දිය යුතු බව පෙන්වාදෙන ලද අතර, එය සාකච්ඡාවට බඳුන් කර ඇත.



මෙම සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ මෙරට ජනතාව රනිල් වික්‍රමසිංහ  මහතා අගමැති ලෙස පත් කිරීමට ගත් තීන්දුව පිළිනොගන්නා බවයි. ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා පත් කිරීම සඳහා ගෙන ඇති තීන්දුව  ඔන්සේ පෙන්නුම් කරන්නේ රටේ ජනතාවගේ ජනමතය පිළිබඳ ඔවුන්ට කිසිඳු අවබෝධයක් හෝ ඇහුම්කන් දීමක් නොමැති බව යැයිද දිසානායක මහතා කීවේය.  

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා,

"මේ වෙලාවේ රටේ මතුවී තිබෙන තත්ත්වය ඉතාමත් අවිනිශ්චිත තත්ත්වයක්. නමුත් ගෝඨාභය රාජපක්ෂත්, රනිල් වික්‍රමසිංහත් තීන්දු අරගෙන තියෙන බව පෙන්නුම් කරන්නේ මේ රටේ ඇත්ත ජනතාවගේ ජනමතය පිළිබඳ කිසිදු අවබෝධයක් හෝ එම ජනමතයට ඇහුම්දීමක් කිරීමට ඔවුන් සූදානම් නොමැති බවයි. රනිල් වික්‍රමසිංහ හැමදාමත්  රාජපක්ෂ පවුලේ ගැලවුම්කරු ඔහු බලය ලබාගන්නේම ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. ඒ වගේම රාජපක්ෂලත් රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂකයෝ. ඒක තමයි පසුගිය අවුරුදු  දෙකහමාරකදී ජනතාව පත් වී තිබෙන විශාල පීඩාව වංචා දූෂණ අපරාධ ගැන විශාල උද්ඝෝෂණයක් රටේ තිබුණත් ඒ කිසිවෙකුට ඇහුම්කම් නොදී ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ අරන් තිබෙන මේ විසඳුම කියලා ඔවුන් විශ්වාස කරන දේ, කවුද මේ රටේ විශ්වාස කරන්නේ. ම

ේක විශ්වාස කරන්නේ දෙන්නයි රනිල් වික්‍රමසිංහ සහ ගෝඨාභය රාප්පක්ෂ.ගෝඨාභය විශ්වාස කරනවා රනිල්. රනිල් විශ්වාස කරනවා ගෝඨාභයව. ඒ හැරුණු කොට මේ රටේ කිසිදු පුරවැසියෙක් මෙවැනි කුමන්ත්‍රණකාරි සටකපට මාලිගා කුමන්ත්‍රණ පිළිගනීවි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ.

තෙලෙන් බැද්දත් කොබෙයියා, කිරෙන් බැද්දත් කොබෙයියා, තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් කොබෙයියා බොල කොබෙයියා, මේ ජනතාව  අපේක්ෂා කළ වෙනසක් නෙමෙයි. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ තේරුම් ගත යුතුයි විසඳුම තිබෙන්නේ ජනතාවට මොනතරම් ඇහුම්කන් දෙනවාද කියන සාධකය මත කියලා. ඒ නිසා මෙම කුමන්ත්‍රණය හා ආණ්ඩු පිහිටුවීමේ උපතේදීම එහි මළගම සනිටුහන් කරලා තියෙන බව තමයි අපිට පෙන්නුම් කරලා තියෙන්නේ.  අපේ යෝජනාවලිය තුළින් අපි කිව්වා අනික් පක්ෂවල සහයෝගය ලැබෙනවා නම් අපි වගකීම භාරගන්න ලෑස්තියි කියලා. නමුත් සජිත් ප්‍රේමදාසගේ පක්ෂය තුළින්ම ඔහුගේ තීන්දු තීරණ ගැන කියන්නේ ඔහු ආසයි බයයි. හ

ැබැයි තේරුම් ගත යුතුයි මෙවැනි අභියෝගයන්ට මුහුණ දෙන්න තමයි නායකත්වයන් අවශ්‍ය වෙන්නේ.  මේ මොහොතේ අවශ්‍ය තීන්දු තීරණ ගන්න ඔවුන් අසමත් වී ඇති බව පේනවා" යනුවෙන් පැවසීය.

මෙම සාකච්ඡාව සඳහා පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි, පූජ්‍ය මහාචාර්ය හොලගන්වන්නේ චන්ද්‍රසිරි හිමි, පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමි, පූජ්‍ය රජවත්තේ වප්ප හිමි, පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි ඇතුළු භික්ෂුන් වහන්සේ එකළොස්නමක් වැඩම කර සිටියහ. ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් මෙම සාකච්ඡාව සඳහා නායක අනුර දිසානායක, ප්‍රචාරක ලේකම් විජිත හේරෙත් සහ මධ්‍යම කාරක සභික නලින්ද ජයතිස්ස යන මහත්වරු සහභාගි වූහ.