
මෝටිවේෂන් අප්පච්චි නමැති යූ ටියුබ් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු අයථා මුදල් පරිහරණය ගැන චෝදනාවක් සම්බන්ධයෙන් කටඋත්තර ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇතැයි වාර්තාවේ.
ගෝඨා ගෝ ගම අරගලයේ සමාරම්භකයා ලෙස ‘මෝටිවේෂන් අප්පච්චි‘ නමැති ඔහු තමුන්ව හඳුන්වා තිබූ අතර
මැයි 9 දා පොහොට්ටු ප්‍රහාරයේදී අරගල භූමියෙන් අතුරුදන්ව සිටි බවද කියැවුණි. එසේ පැවසෙන ඔහු අරගලයට මුදල් රැස්කිරීමේ වංචාවන් සිදු කළ බවටද පසුව චෝදනා ලැබුවේය. ඒ හේතුවෙන් ඔහුව එම ස්ථානයෙන් පන්නා දැමීමට පිරිස් කටයුතු කළ අතර පසුව ඔහු කිව්වේ අරගලය එක්තරා පක්ෂයක ග්‍රහණයට ගන්නට මුල සිට උත්සාහ පැවති බවත් තමන් එලවා දැම්මේ තමා ඊට විරුද්ධ වූ නිසා බවත්ය.
අරගලය සම්බන්ධයෙන් මුල සිටම වීඩියෝ අන්තර්ජාලයට මුදාහළ ඔහු ෆේස්බුක් ලයිව් පැමිණෙමින් එහි සජීවී ක්‍රියාකාරියෙකු ලෙසද කලක් පෙනී සිටියේය.
මේ නිසා අරගලයේ වගකීම් දරන්නෙකු ලෙස ඔහු හඳුනාගත් අය ඔහුට විශ්වාසය තබා විදේශවල සිට මුදල් ආධාර යොමු කර තිබුණි.
අරගල බිමේ තරුණයින් පවසන්නේ මෝටිවේෂන් අප්පච්චි අරගලය මුවාවෙන් හරිහම්බ කළ බවයි. මෙම චෝදනාවට පිලිතුරු සපයමින් එලවා දැමුණ පසු ඔහු ප්‍රචාරය කළ වීඩියෝවේදීද චෝදනා බැහැර කරමින් ඔහු අරගලයට ජල බෝතල් මිලටගෙන ගෙනත් දුන් කතාවක් පමණක් කීවේය.
එහිදී බිල් යයි හැඳන්වූ කඩදාසි මිටියක් පෙන්වා චෝදනා කරන විදේශගත හිතවතුන් විමසන්නේ නම් පමණක් තමා කළ වියදම් ඔප්පු කළ හැකි යයි කියා සිටියේය.බිල්වල කරුණු ඉදිරිපත් නොකර ඔහු එසේ පැවසීම චෝදනා කරන්නන්ගේ සැකයටද හේතු විය.
මෝටිවේෂන් අප්පච්චි අයථා මුදල් පරිහරණයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුනේ මෙයින් පසුවය.
Comments
Post a Comment
Your comment will be visible after approval