
බණ්ඩාරගම – අටළුගම ප්‍රදේශයේ දී පෙරේදා (28) දිනයේ දී ඝාතනය ලක් වූ 09 හැවිරිදි දැරිය ෆාතිමා අයිෂා දැරිය දූෂණයට ලක්වී නැති බව සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අද (30) තහවුරු විය.
මෙම ඝාතනය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පානදුර රෝහලේදී සිදු කර තිබුණි. වැඩිදුර වාර්තාව අධිකරණය වෙත යොමු කර තිබේ. ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඊයෙ (29) පොලිසිය භාරයට ගැනුණු පුද්ගලයින් දෙදෙනා අතරින් එක් අයෙකු ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගත් අතර
ඔහු පැවසූ ආකාරයට දැරිය දූෂණය කිරීමට උත්සාහ දැරුවත් එසේ නොකළ බවත් පසුව දැරිය තමාව හඳුනාගත් නිසා ඝාතනයව කළ බව දන්වා තිබුණි.
කෙසේ වෙතත් කරුණු විමර්ශනය තවමත් අවසන් නැතැයි පොලිසිය පවසයි.
Comments
Post a Comment
Your comment will be visible after approval